සමස්ථිතිය - homeostasis
 අභ්‍යන්තර කායික පරිසරයේ නියතතාව රැකගැනීම සමස්ථිය යි. 
දේහ සෛල වට වී තිබෙන්නේ පටක තරලයෙනි. 
රුධිර සෛල පවතින තරලය රුධිර ප්ලාස්මය යි. 
අපගේ දේහවල අභ්‍යන්තර පරිසරය වන්නේ පටක තරලය හා රුධිර ප්ලාස්මය යි.
ශරීරයේ උෂ්ණත්වය, ග්ලුකෝස් සාන්ද්‍රණය, ජල ප්‍රමාණය, ලවණ සාන්ද්‍රණය ආදිය නියතව පවත්වා ගැනීම සමස්ථිය යි.
(c) Shilpa Sayura Foundation 2006-2017