දුර දෘෂ්ටිකතවය :
දුර ඇති වස්තු පැහැදිලි ව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැපැදිලි ව නොපෙනේ. ළග ඇති වස්තු වලින් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානය පිටුපසින් නාභිගතව පැමිණීම මීට හේතුවයි. අක්ෂි ගෝලය කෙටිවීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු වීම නිසා එහි අභිසාරි බලය අඩු වීම මෙයට හේතු වේ. උත්තල කාච යෙදූ උපැස් පැළඳීමෙන් මෙම දෝෂයට පිළියම යි.
අවිදුර දෘෂ්ටිකතවය
ළඟ පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර පිහිටි වස්තු පැහැදිලි ව නොපෙනේ. දුර ඇති වස්තු වලින් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත මෙයට හේතුවයි. එයට බලපාන්නේ අක්ෂි ගෝලයේ දිගු වීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාව වැඩි වීම නිසා එහි අපසාරි බලය අඩු වීමයි. අවතල කාච යෙදූ උපැස් පැළඳීම මෙම දෝෂයට පිළියමයි. වර්ණ අන්ධතාව මෙය ප්‍රවේණිගත රෝගයකි. මෙය සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවන නමුත් ආරක්ෂාව සඳහා රතු කොළ සංඥා භාවිතා වන අවස්ථාවලදී අනතුරුවලට ලක්විය හැකිය.
කන :
ශ්‍රවණය හා සමබරතාව රැකගැනීමට උවමනා ප්‍රතිග්‍රාහක කන තුළ පිහිටා තිබේ. තකා කන, බාහිර කන, හා ඇතුළු කන ලෙස කොටස් තුනකට බෙදිය හැකිය.
කන් පෙති-බාහිර ශ්‍රවණ නාල-කර්ණපටහ පටලය (කන්අඩිය/කන් බෙරය) බාහිර කනට අයත් වේ.
මැද කනේ කර්ණ අස්ථිකා තුනකි. මේවා පිළිවෙලින්,
මුද්ගරිකාව, නිඝාතිය හා ධරණකය වේ. මැද කන හා උගුර යුෂ්ටේකීය නාලය මඟින් සම්බන්ධ කෙරේ.
ඇතුළු කනෙහි කර්ණ සංඛය හා කර්ණාලින්ද අවයවය පිහිටා ඇත. අර්ධ වක්‍රාකාර නාල මෙහි වැදගත් ම කොටසයි. මෙය සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරි වේ. මොළයේ සිට කන වෙතට පැමිණෙන ශ්‍රවණ ස්නායුවේ ඇති ස්නායු තන්තුවල අන්ත ධ්වනි ප්‍රතිග්‍රාහක හා සම්බන්ධව පවතී. ශබ්දයක් හඳුනාගන්නේ මොළයේ ධ්වනි සංවේදි පෙදෙස වෙත එම ආවේග ගමන් කළ විට ය.