මෙම පද්ධතිය දිගේ ආවේග ගමන් කිරීමේ දී හෘද ස්පන්දන වේගය අඩුවීම. ශ්වසන වේගය අඩුවීම. ධමනි විස්තාරණය වීම. රුධිර පීඩනය අඩුවීම. කර්ණිකාව කුඩාවීම සිදුවේ. මෙමඟින් ශරීරය ලිහිල් කිරීම හා නිසොල්මන් කිරීම සිදුවේ.
සංවේද ඉන්ද්‍රිය
සම-දිව-නාසය-ඇස-කන
සම : සිරුරේ වශාලතම ඉන්ද්‍රිය වේ. එය සංවේදි කෘත්‍යයට අමතරව ආරක්ෂක කටයුතු ද කරයි. සමෙහි ස්පර්ශයට, වේදනාවට, පීඩනයට, උණුසුමට හා සිසිලසට සංවේදි ප්‍රතිග්‍රාහක ඇත.
දිව : රස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා හැඩගැසුණු අවයවයකි. විවධ රසවලට සංවේදි රසාංකුර දිවෙහි විවිධ තැන්වල පිහිටාඇත. එම රසාංකුර තුළ රස ප්‍රතිග්‍රාහක සෛල පිහිටා ඇත. මොළයේ සිට තන ස්නායුවෙහි පිහිටි අනුශාකවල අග්‍ර මේවාට සම්බන්ධ වේ. රසයට හේතුවන රසායනික, රස ප්‍රතිග්‍රාහක වල ගෑවෙන විට එම ප්‍රතිග්‍රාහක උත්තේජනය වී මොළයට පණිවුඩ යැවේ. එවිට අපට රසය දැනේ.
නාසය : ආඝ්‍රාණ සංවේදන ප්‍රතිග්‍රහණය සඳහා වැදගත් ය. නාස් කුටීරයේ මුදුනේ ගන්ධයට සංවේදි ප්‍රතිග්‍රාහක පිහිටා ඇත. ගන්ධ ප්‍රතිග්‍රාහක යනු මොළයේ සිට නාසය වෙත එන ආඝ්‍රාණ ස්නායුවේ ඇති අනුශාකවල අන්ත වේ. මේවා ශ්ලේෂ්මලයෙන් වැසී පවතී.
ඇස : දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය යි. ඇස පිහිටා තිබෙන්නේ අක්ෂි කූපය තුළ යි. මෙහි ඇස පවතින්නේ පේෂි හයකින් සම්බන්ධව ය. ඇස විවිධ අතට හැරවිය කැක්කේ මෙනිසා ය. අක්ෂි ගෝලයේ බාහිර ස්තරය ශ්වේත ඝන ස්තරය යි. එය සුදු පාට ය. ඝන ය. මේ හරහා ඇස තුළට ආලෝකය ඇතුළු නොවේ. අක්ෂි ගෝලයේ ඉදිරිපස කළු ඉංගිරියාව පිටතින් ශ්වේත ඝන ස්තරයක් නැත. රුධිරග්‍රාහී ස්තරය මඟින් ඇසට රුධිරය සැපයේ. කළු ඉංගිරියාව හෙවත් තාරා මණ්ඩලය මැද සිදුරක් ඇත. එම සිදුර කණිකාව නම් වේ. ස්වච්චය හරහා ඇතුළු වන ආලෝකය ඇස තුළට ගමන් කරන්නේ මේ කණිකාව හරහා ය.