අනුවේගී ස්නායු පද්ධතිය
 
බියපත් වූ මොහොතක ආවේග යැවෙන්නේ අනුවේගී ස්නායු පද්ධතිය දිගේය. එවිට හෘද ස්පන්දන වේගය වැඩිවීම. ශ්වසන වේගය වැඩිවීම. ධමනි සංකෝචනය වීම. රුධිර පීඩනය වැඩිවීම සිදුවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සත්ත්වයාට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබීමයි.

ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතිය

මෙම පද්ධතිය දිගේ ආවේග ගමන් කිරීමේ දී හෘද ස්පන්දන වේගය අඩුවීම. ශ්වසන වේගය අඩුවීම. ධමනි විස්තාරණය වීම. රුධිර පීඩනය අඩුවීම. කර්ණිකාව කුඩාවීම සිදුවේ. මෙමඟින් ශරීරය ලිහිල් කිරීම හා නිසොල්මන් කිරීම සිදුවේ.

සංවේද ඉන්ද්‍රිය

සම-දිව-නාසය-ඇස-කන

සම :
සිරුරේ වශාලතම ඉන්ද්‍රිය වේ. එය සංවේදි කෘත්‍යයට අමතරව ආරක්ෂක කටයුතු ද කරයි. සමෙහි ස්පර්ශයට, වේදනාවට, පීඩනයට, උණුසුමට හා සිසිලසට සංවේදි ප්‍රතිග්‍රාහක ඇත.

දිව :
රස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා හැඩගැසුණු අවයවයකි. විවධ රසවලට සංවේදි රසාංකුර දිවෙහි විවිධ තැන්වල පිහිටාඇත. එම රසාංකුර තුළ රස ප්‍රතිග්‍රාහක සෛල පිහිටා ඇත. මොළයේ සිට තන ස්නායුවෙහි පිහිටි අනුශාකවල අග්‍ර මේවාට සම්බන්ධ වේ. රසයට හේතුවන රසායනික, රස ප්‍රතිග්‍රාහක වල ගෑවෙන විට එම ප්‍රතිග්‍රාහක උත්තේජනය වී මොළයට පණිවුඩ යැවේ. එවිට අපට රසය දැනේ.

නාසය :
ආඝ්‍රාණ සංවේදන ප්‍රතිග්‍රහණය සඳහා වැදගත් ය. නාස් කුටීරයේ මුදුනේ ගන්ධයට සංවේදි ප්‍රතිග්‍රාහක පිහිටා ඇත. ගන්ධ ප්‍රතිග්‍රාහක යනු මොළයේ සිට නාසය වෙත එන ආඝ්‍රාණ ස්නායුවේ ඇති අනුශාකවල අන්ත වේ. මේවා ශ්ලේෂ්මලයෙන් වැසී පවතී.

ඇස : 
දෘෂ්ටි සංවේදන ප්‍රතිග්‍රහණය යි. ඇස පිහිටා තිබෙන්නේ අක්ෂි කූපය තුළ යි. මෙහි ඇස පවතින්නේ පේෂි හයකින් සම්බන්ධව ය. ඇස විවිධ අතට හැරවිය කැක්කේ මෙනිසා ය. අක්ෂි ගෝලයේ බාහිර ස්තරය ශ්වේත ඝන ස්තරය යි. එය සුදු පාට ය. ඝන ය. මේ හරහා ඇස තුළට ආලෝකය ඇතුළු නොවේ. 
අක්ෂි ගෝලයේ ඉදිරිපස කළු ඉංගිරියාව පිටතින් ශ්වේත ඝන ස්තරයක් නැත. 
රුධිරග්‍රාහී ස්තරය මඟින් ඇසට රුධිරය සැපයේ. කළු ඉංගිරියාව හෙවත් තාරා මණ්ඩලය මැද සිදුරක් ඇත. එම සිදුර කණිකාව නම් වේ. ස්වච්චය හරහා ඇතුළු වන ආලෝකය ඇස තුළට ගමන් කරන්නේ මේ කණිකාව හරහා ය. 

දෘශ්‍යාබාධ

දුර දෘෂ්ටිකතවය : 
දුර ඇති වස්තු පැහැදිලි ව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැපැදිලි ව නොපෙනේ. ළග ඇති වස්තු වලින් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානය පිටුපසින් නාභිගතව පැමිණීම මීට හේතුවයි. අක්ෂි ගෝලය කෙටිවීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු වීම නිසා එහි අභිසාරි බලය අඩු වීම මෙයට හේතු වේ. උත්තල කාච යෙදූ උපැස් පැළඳීමෙන් මෙම දෝෂයට පිළියම යි.

අවිදුර දෘෂ්ටිකතවය
ළඟ පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර පිහිටි වස්තු පැහැදිලි ව නොපෙනේ. දුර ඇති වස්තු වලින් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත මෙයට හේතුවයි. එයට බලපාන්නේ අක්ෂි ගෝලයේ දිගු වීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාව වැඩි වීම නිසා එහි අපසාරි බලය අඩු වීමයි.
අවතල කාච යෙදූ උපැස් පැළඳීම මෙම දෝෂයට පිළියමයි.

වර්ණ අන්ධතාව
මෙය ප්‍රවේණිගත රෝගයකි. මෙය සාමාන්‍ය ජීවිතයට බාධාවක් නොවන නමුත් ආරක්ෂාව සඳහා රතු කොළ සංඥා භාවිතා වන අවස්ථාවලදී අනතුරුවලට ලක්විය හැකිය.

කන : 
ශ්‍රවණය හා සමබරතාව රැකගැනීමට උවමනා ප්‍රතිග්‍රාහක කන තුළ පිහිටා තිබේ. තකා කන, බාහිර කන, හා ඇතුළු කන ලෙස කොටස් තුනකට බෙදිය හැකිය.

٠ කන් පෙති-බාහිර ශ්‍රවණ නාල-කර්ණපටහ පටලය (කන්අඩිය/කන් බෙරය) බාහිර කනට අයත් වේ.
٠ මැද කනේ කර්ණ අස්ථිකා තුනකි. මේවා පිළිවෙලින් මුද්ගරිකාව, නිඝාතිය හා ධරණකය වේ. මැද කන හා උගුර යුෂ්ටේකීය නාලය මඟින් සම්බන්ධ කෙරේ.
٠ ඇතුළු කනෙහි කර්ණ සංඛය හා කර්ණාලින්ද අවයවය පිහිටා ඇත. අර්ධ වක්‍රාකාර නාල මෙහි වැදගත් ම කොටසයි. මෙය සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරි වේ.

මොළයේ සිට කන වෙතට පැමිණෙන ශ්‍රවණ ස්නායුවේ ඇති ස්නායු තන්තුවල අන්ත ධ්වනි ප්‍රතිග්‍රාහක හා සම්බන්ධව පවතී. ශබ්දයක් හඳුනාගන්නේ මොළයේ ධ්වනි සංවේදි පෙදෙස වෙත එම ආවේග ගමන් කළ විට ය.

(c) Shilpa Sayura Foundation 2006-2017