ස්වයං සාධක ස්නායු පද්ධතිය
 මෙහි ක්‍රියාකරිත්වය කෙරේ මස්තිෂ්කයේ බලපෑමක් නැත.
හෘද ස්පන්දනය, ආහාර මාර්ගයේ ඇති ග්‍රන්ථිවලින් ස්‍රාව හට ගැන්වීම, ආහාර මාර්ගයේ කපාටවල ක්‍රියාව, රුධිර වාහිනී සංකෝචනය වීම වැනි ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියා සිදුවන්නේ අනිච්ඡානුගතව ය. එවැනි ක්‍රියා පාලනය වන පද්ධතිය ස්වයං සාධක ස්නායු පද්ධතිය යි. එම පද්ධතියේ උප පද්ධති දෙකකි.

1. අනුවේගී ස්නායු පද්ධතිය (Sympathetic nervous system)
2. ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතිය Parasympathetic system)

මෙහිදී අනුවේගි ස්නායු පද්ධතියෙන් සිදුකෙරෙන ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ ක්‍රියා ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතියෙන් සිදුකෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017