සුෂුම්නාව
 මොළයේ සිට කශේරුව තුළින් පහළට දිවෙන සිලින්ඩාකාර ස්නායු රැහැනක් බඳු ව්‍යූහය සුෂුම්නාව වේ. මෙහි බාහිරට වන්නට ශ්වේත ද්‍රව්‍යත් අභ්‍යන්තරයට වන්නට ධූසර ද්‍රව්‍යත් පිහිටා ඇත.

٠ සුෂුම්නාව මැදින් මධ්‍ය නාලය දිවේ. මෙයද මස්තිෂ්ක සුෂුම්නා තරලයකින් පිරී ඇත.
٠ සුෂුම්නාවේ දෙපැත්තේ සමමිතික යුගල ලෙස ස්නායු හටගනී. එවැනි ස්නායු යුගල 31 ක් ඇත.
٠ මෙම ස්නායුවල මූල දෙකකි. සුෂුම්නාවේ පෘෂ්ඨිය පැත්තේ ස්නායු මූලය පෘෂ්ඨිය මූලය යි. එහි උදරීය පැත්තේ මූලය උදරීය මූලයයි.
٠ මෙම මූලයන් දෙක එක් ව තනි ස්නායුවක් ලෙස කශේරුවෙන් ඉවතට යැවෙයි. එය සුෂුම්නා ස්නායුව යි.

සුෂිම්නා ස්නායුවල පෘෂ්ඨිය මූලයේ මැදට වන්නට ගැටයක් වැනි ස්ථානයක් දක්නට ලැබේ. මෙම ස්ථානයට පෘෂ්ඨිය මූල ගැංග්ලියම කියයි. සංවේදන නියුරෝන වල සෛල දේහ මෙම ගැංග්ලියා තුළ පිහිටා තිබේ.

මොළයෙන් නිකුත් වන කපාල ස්නායු යුගල් 12 සහ සුෂුම්නාවෙන් නිකුත් වෙන සුෂුම්නා ස්නායු 31 පොදුවේ “පර්යන්ත ස්නායු පද්ධතිය” ලෙස හඳුන්වයි.

මොළයේ සිට කශේරුව තුළින් පහළට දිවෙන සිලින්ඩාකාර ස්නායු රැහැනක් බඳු ව්‍යූහය සුෂුම්නාව වේ. මෙහි බාහිරට වන්නට ශ්වේත ද්‍රව්‍යත් අභ්‍යන්තරයට වන්නට ධූසර ද්‍රව්‍යත් පිහිටා ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017