මොළයේ පසු ප්‍රදේශයේ පිටතට නෙරා ගොස් පිහිටි කොටස යි. පේශි චලන සමායෝජනය මෙයින් සිදුවන කාර්ය යි.
සුෂුම්නා ශීර්ෂකය
මොළයේ අනුමස්තිෂ්කයට පිටුපසින් පිහිටි පෙදෙස සුෂුම්නා ශීර්ෂකය (medulla oblongata) යි. මේ මඟින් හෘද ස්පන්දනය, ශ්වසනය, වමනය හා කිවිසුම් යෑම පාලනය කරයි. සුෂුම්නා ශීර්ෂකයෙන් පසුව ඇත්තේ සුෂුම්නාව යි. (spinal cord)
දෘෂ්ටිය, ශ්‍රවණය, රස, ගන්ධය, සිසිලස, උණුසම ආදී සංවේදන හඳුගන්නේ මස්තිෂ්කය යි.
සිරුරේ දකුණු පස තිබෙන සියලුම අවයව වම් මස්තිෂ්ක අර්ධ ගෝලයෙන් පාලනය කෙරේ. එසේම සිරුරේ වම් පස අවයව දකුණු අර්ධ ගෝලයෙන් පාලනය කෙරේ.
ශරීර උෂ්ණත්වය, බඩගින්න සහ ප්පාසය වැනි ක්‍රියාවලි යාමනය කෙරෙන මධ්‍යස්ථානය හයිපොතැලමස වේ. පිටියුටරි ග්‍රන්ථය මෙ මඟින් පාලනය කෙරේ. මොළයෙන් නිකුත් වන ස්නායු යුගල 12 කි. කපාල ස්නායු ලෙස මෙය හඳුන්වයි.