මස්තිෂ්කය
 මිනිස් මොළයේ කැපී පෙනෙන කොටස මස්තිෂ්කය යි. මස්තිෂ්කය වම් හා දකුණු මස්තිෂ්ක අර්ධ ගෝල දෙකකින් සමන්විතය. මේ අර්ධ ගෝල දෙක එකිනෙකින් වෙන් ව ඇත්තේ ගැඹුරු නෙරීමකිනි.

මස්තිෂ්කය මතුපිට බොහෝ සංචලිත ය. මොළයේ පෘෂ්ඨිය ක්ෂ්‍ේත්‍රඵලය එමඟින් වැඩි කෙරෙයි. මොළයේ පූර්ණ කොටසට අයත් තැලමස හා හයිපොතැලමස මස්තිෂ්කයට පිටුපසින් ඇත. තැලමස ඇත්තේ පාර්ශිකව ය. හයිපොතැලමස ඇත්තේ මේ පෙදෙසේ පත්ලට වන්නට ය.

"මතකය-බුද්ධිය-වගකීම පිළිබඳ හැඟීම-සිතුවිලි විචාරය-සදාචාරාත්මක හැඟීම් සහ ඉගෙනීම මස්තිෂ්කය මඟින් පාලනය වේ."
(c) Shilpa Sayura Foundation 2006-2017