දෙමටාන නම් ගමෙහි උපන් රාහුල හිමියෝ, කුඩා අවදියේ සිටම ඉගෙනීමෙහි පෑ දක්ෂතාවයත්, කවිත්වයත් නිසාම හය වැනි සිරි පැරකුම්බා රජු මුන් වහන්සේ කෙරේ පැහැදින. රජ මාළිගාවේ වැඩෙමින් පැවිදි වූ මෙ හිමියන් රජුගේ අනුසාසක හිමියන් වූ වීදාගම හාමුදුරුවන්ගේන් ශිල්ප හදාලේ ය.
සහිත්‍ය විෂයෙහි මහත් විස්කම් දැක් වූ ශ්‍රී රාහුල හිමියන් පසු කලෙක තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පිරිවේනාධිපති ව වැඩ වසමින් කාව්‍යශේඛරය, පරෙවි සන්දේශය, සැළලිහිණි සන්දේශය, පංචිකා ප්‍රදීපය වැනි වටිනා ග්රන්ථ රැසක් දේශයට දායා ද කළේ ය.
විශාල පාණ්ඩිත්වයක් හිමි මුන් වහන්සේගෙන් සිංහල සාහිතයයෙහි පෝෂණය ට සිදු වූ අනුපමේ ය සේවය සදානුස්මරණ කතිකාවෙක් මැ වේ.