මැටිවල පවතින දිගු දාම සිලිකේට මඟින් කැටායන රඳවාගනී. මෙම කැටායන වලින් සමහරක් පාංශු ද්‍රාවණයේ ඇති කැටායන සමඟ හුවමාරු කරගත හැකියි. මෙලෙස පාංශු ද්‍රාවණයේ ඇති අයන සමඟ හුවමාරු කරගත හැකි අයුරින් පසෙහි අන්තර්ගත කැටායන ප්‍රමාණය, කැටායන හුවමාරු ධාරිතාව ලෙස හඳුන්වයි. පසෙන් ශාකවලට සැපයෙන පෝෂක ප්‍රමාණය නිර්ණය කෙරෙන සාධක අතරින් වැදගත් ම සාධකය කැටායන හුවමාරු ධාරිතාව යි.
කාබනික ද්‍රව්‍ය හා හියුමස්
පසේ ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතය 5% පමණ වුවත් එය පසෙහි ඵලදායිතාව තිරණය කරන සාධකය වේ. පාංශු ජීවීන්ට ආහාර සැපයීම, අයන හුවමාරුවට සහභාගි වීම හා පසේ ව්‍යූහය දියුණු කිරීමට දායක වීම කාබනික ද්‍රව්‍යයන්ගේ මූලික කටයුතු ය. ජලයේ අද්‍රාව්‍ය වීම සහ ජෛව ක්‍රියාවලි මඟින් සෙමෙන් ජීර්ණයට පත්වීම යන ලක්ෂණවලින් යුත් පසෙහි අඩංගු කාබනික ද්‍රව්‍ය හියුමස් නම් වේ. බැක්ටීරියා හා දිලීර මඟින් ශාක ද්‍රව්‍ය ජීර්ණයට ලක් කිරීමෙන් පසු ව ඉතිරි වන්නේ මෙම කොටසයි. හියුමස් වල අන්තර්ගත ද්‍රව්‍ය මඟින් පසෙහි ගුණාත්මක බව ආරක්ෂා කිරීමට කෙරෙන කටයුතු කිහිපයක් පහත දැක්වේ.
٠ පසෙහි ජලය රඳවා ගැනීමේ හැකියාව ඉහළ නංවයි.
٠ ලෝහ කැටායන විශාල ලෙස රඳවා ගනිමින් ශාක සඳහා අවශ්‍ය පෝෂක ප්‍රමාණය ඉහළ නංවයි.
٠ පසෙහි pH අගය ප්රශස්ත අගයක පවත්වාගෙන යාමට දායක වෙයි.
٠ අඩු ද්රාව්යතාවකින් යුත් කෘමිනාශක හාසමහර වල්නාශක අධිශෝෂණය කරයි.