පස් අංශු අතර පවතින හිස් අවකාශ තුළ පාංශු වාතය අන්තර්ගත වේ. වායුගෝලයේ සංයුතියට වඩා මෙහි සංයුතිය වෙනස් වේ. පස් අංශුවල ප්රනමාණයත් ඒවා ඇහිරී තිබෙන ආකාරයත් අනුව ඒවායේ අන්තර්ගත පාංශු වාතයේ ප්ර.මාණය විවිධය. පාංශු ජීවීන්ගේ හා ශාක මුල් නිම වී ඇති සෛලවල ශ්වසනයට අවශ්යු වාතය සැපයෙන්නේ පාංශු වාතයෙනි. එබැවින් පසේ ගුණාත්මකභාවයට පාංශු වාතය අනගි කෘතව්ය්යක් ඉටු කරයි.
මැටි
පසේ අන්තර්ගත සක්රීයය අකාබනික සංඝටකය මැටි ය. යලුම මැටිවල සිලිකේට (SiO44- ) අඩංගු වන අතර බොහෝමයක් මැටි වර්ග වල සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, ඇලුමීනයම් හා අයන් ද අඩංගුය. සිලිකේට් (SiO44- ) අයනයක මධ්යව පරමාණුව සිලිකන් ය. එය මැදිකරගත් චතුස්තලයක ශීර්ෂවල පිහිටන O පරමාණු හතර Si හා සහ-සංයුජ බන්ධනවලින් බැදී පවතී.
චතුස්තලීය SiO44- ඒකක එකිනෙක සමඟ බන්ධනය වෙමින් දිගු දාම ව්යූවහයක් සාදයි. එවිට එක් එක් SiO44- ඒකකය මත පවතින සෘණ ආරෝපණ, ධනාරෝපිත අයන හා සම්බන්ධ වෙමින් පසෙහි ආරෝපණ තුලිතාව පවත්වා ගනියි. Na+, K+, Ca2+, Mg2+ හා NH4+ කැටයාන පසෙහි රඳවා ගැනීමට මැටිවල මෙම සෘණ ආරෝපණ හේතු වේ. එමඟින් කැටයාන ජලයේ ද්රටවණය වී පසෙන් ඉවතට යෑම වළකන අතර ශාක පෝෂක ලෙස සැපයීම සඳහා සුදුසු ආකාරයට පවත්වා ගනියි.