පාංශු ජලය
  පාංශු ජලය ජලාකර්ෂක, කේෂාකර්ෂක, ගුරුත්වාකර්ෂක යනුවෙන් ආකාර තුනකි.

* ජලාකර්ෂක ජලය : ඝන පස් අංශුවලට තදින් බැඳී පවතින ජලය යි. (උසස් ශාක වලට මෙම ජලය අවශෝෂණය කර ගත නොහැක.)

* කේෂාකර්ෂක ජලය : පසෙහි කේශික ප්‍රමාණයේ සිදුරු තුළ රදවා ගන්නා ජලය යි. (පසෙහි වැඩෙන ශාක වැඩි වශයෙන් අවශෝෂණය කරගන්නේ මෙම ජලය යි.)

* ගුරුත්වාකර්ෂක ජලය : ජලයෙන් සංතෘප්ත පසක ගුරුත්වජ බලය යටතේ පහළට කාන්දු වී ඉවත් ව යන ජලයයි. (පසේ කෙටි කාලයක් පවතින මෙම ජලය ශාක මඟින් ප්‍රයෝජනයට ගැනෙන්නේ අල්ප වශයෙනි.)

පාංශු ජලය විවිධ අයන වර්ග දිය වී ඇති ද්‍රාවණයකි. මෙම ජලීය ද්‍රාවණය පාංශු "ද්‍රාවණය" ලෙස හැදින්වේ. ශාකවලට අවශ්‍ය පෝෂක බොහෝමයක් අවශෝෂණය කරගන්නේ මෙම පාංශු ද්‍රාවණයෙනි.

"ශාකවල වර්ධනයට මහේක්ෂ පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය වේ. මහේක්ෂ පෝෂක වනුයේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, මැග්නීසියම්, ෆොස්පරස්, පොටෑසියම්, කැල්සියම් හා සල්ෆර් ය. මේවා ශාකවලට විශාල වශයෙන් අවශ්‍යය වේ."
(c) Shilpa Sayura Foundation 2006-2017