පෘථිවියෙහි ජීවීන්ට වැදගත් ම කොටස පසයි. පාෂාණ ජීර්ණය වීමෙන් පස නිර්මාණය වී ඇත. විවිධ ප්‍රමාණවලින් මිශ්‍ර වූ කාබනික ද්‍රව්‍ය, වාතය හා ජලය ඇතුළු වෙනත් අකාබනික ද්‍රව්‍ය හා පාංශු ජීවීන් පසේ අඩංගු වේ. පොළොව මතුපිට සිට ගැඹුරට යත් ම පසෙහි හඳුනාගත හැකි ස්ථර දක්නට ලැබේ.