ජලජ ජීවීන්ට ජලයේ දිය වී පවතින වායු වැදගත් ය. ජෛව ක්‍රියාකාරිත්වය මඟින් ජලයේ අඩංගු කාබනික ද්‍රව්‍ය ජීර්ණය කිරීමේ දී උපයෝගි කර ගන්නා ජලයේ දිය වී ඇති ඔක්සිජන් ප්‍රමාණය ජෛව රසායනික ඉල්ලුම (Biochemical Oxygen Demand - BOD) ලෙස හැඳින්වේ. මෙම අගය ජලයේ දූෂිත මට්ටම පෙන්නුම් කරන වැදගත් දර්ශකයකි. පවිත්‍ර ජලයේ BOD අගය 1ppm හෝ ඊට අඩු අගයකි. ජලයේ කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යත් ම BOD අගය ද ඉහළ යයි.
" 250 C දී ජලය 1dm3 ක ඔක්සිජන් වායු 8.826mg දියවේ. ජලයේ අඩංගු කාබනික ද්‍රව්‍ය 8mg ක් ජීර්ණය කිරීමට 250 C හි පවතින ජලය 1dm3 ක දිය වී ඇති මුළු ඔක්සිජන් ප්‍රමාණය ම වැය වේ."
ජලයේ දිය වී පවතින කාබන්ඩයොක්සයිඩ් ජලය සමඟ ප්‍රතික්‍රියා කර දුබල අම්ලයක් වන කාබොනික් අම්ලය සාදයි. එමඟින් ජලයට හයිඩ්රජන්කාබනේට් අයන (HCO3- ) හා කාබනේට් අයන (CO32-) නිදහස් කෙරේ. එම අයන ජලයේ pH අගය නොවෙනස්ව පවත්වා ගැනීමට දායක වේ.
ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීම
ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල මල මූත්‍ර ඇතුළු අනෙකුත් ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය සහිත ජලය පිරියම් නොකර මුහුදු, ජලාශ හෝ ගංගා වලට මුදාහැරේ. අපද්‍රව්‍ය සහිත මෙම ජලය ජල ප්‍රවාහවලට මුදාහැරීමට පෙර පිළිවලින් ප්‍රාථමික, ද්වීතියික හා තෘතීයික වශයෙන් පිරියම් කළ යුතුය.
٠ පෙරීම, තැන්පත් වීම, මතුපිට පාවෙන කොටස් වෙන් කිරීම වැනි ක්‍රම මඟින් විශාල හා කුඩා ඝන අපද්‍රව්‍ය, වැලි හා ග්‍රීස් වැනි ද්‍රව්‍ය ඉවත් කිරීම ප්‍රාථමික පිරියම් කිරීමයි.
٠ වාතය සපයමින් ස්වායු බැක්ටීරියා මඟින් මල ද්‍රව්‍ය ජීර්ණය කිරීමේ ක්‍රියාවලිය ද්වීතීයික පිරියම් මඟින් සිදු කෙරේ. එමඟින් ජලයේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම - BOD පහත හෙළයි.
٠ තෘතීයික පිරියම් කිරීම් මඟින් නයිට්රේට, පොස්ෆේට් ආදි අයන සහ සමහර කාබනික ද්‍රව්‍ය ඉවත් කෙරේ.