ලෝකය පුරා වාර්ෂිකව කාබනික සංයෝග ටොන් මිලියන ගණනක් නිපදවේ. ඉන් බොහොමයක් කාර්මික අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතු වේ. වල් පැළෑටි, අහිතකර කෘමීන් විනාශ කර දැමීමේ අරමුණින් රසායනික ව සංශ්ලේෂණය කළ කාබනික සංයෝග බොහොමයක් අවසානයේ ජලයට එකතු වේ.
මුහුදු ජලයේ ගුණාත්මක බව පහළ හෙළීමට ඛනිජ තෙල් ඉහිරීම් හේතු වේ. විශේෂයෙන් ම කාබනික රසායනික ද්‍රව්‍ය සමූහයක් ලෙස දිගු කාලයක් පවත්නා කාබනික දූෂක හඳුනාගෙන ඇත. පරිසරයේ නොනැසී පැවතීම, විෂදායි බව, ආහාරදාම ඔස්සේ ජීවි දේහ තුළ එක්රැස් වීම මෙහි ලක්ෂණ වෙයි.
මෙමඟින් උපතේ දී විකෘතිතා, පිළිකා, බුද්ධිය හීන වීම, ප්‍රතිශක්ති හා ප්‍රජනන පද්ධති දුර්වල වීම වැනි රෝගාබාධ ඇතිකරයි. දිගුකල් පවත්නා කාබනික රසායන ද්‍රව්‍ය අතරින් පෘථිවියට විශාල තර්ජනයක් විය හැකි සංයෝග දොළහක් කසල දුසිම (Dirty Dozen) වශයෙන් හඳුන්වා දී ඇත.