ජලයේ සංයුතිය ජීවීන්ට හිතකර ලෙස පවත්වා ගැනීම
 

දෛනිකව විවිධ ද්‍රව්‍ය ජලයේ දිය වේ. එබැවින් පෘථිවිය මත සංශුද්ධ ජල බිඳක් සොයා ගැනීම අසීරුය. වායුගෝලය හරහා පතිත වීමේ දී, පොළොව තුළින් කාන්දු වීමේ දී හා මතුපිටින් ගලා යෑමේ දී විවිධ ද්‍රව්‍ය ජලයේ දියවේ. විශේෂයෙන් ආම්ලික වැසි ජලය පතිත වීමෙන් පස්වල හා පාෂාණවල අන්තර්ගත ද්‍රාව්‍ය සංඝටක එහි දිය වේ. පස දූෂණය වී ඇත්නම් පුළුල් විවිධත්වයකින් යුත් සංඝටක ජලයට එකතු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017