හානිකර පරිසර තත්ත්වයන් ඇති කිරීමට මූලික වන වායුමය සංඝටක මුදා හැරීම පාලනය කිරීමට ලොව පුරා රටවල් කටයුතු කරයි. ඇතැම් අවස්ථාවල ජාත්‍යන්තර මට්ටමෙන් විවිධ ප්‍රතිපත්ති හා නීති පැනවීම ද කරයි. මේ එවැනි ක්‍රියාමාර්ග කිහිපයකි.
٠ පූර්ණ දහනයට ඉඩ සැලසෙන අයුරින් රථවාහන එන්ජින් සුසර කිරීම.
٠ වාහනවලට වාර්ෂික ව තත්ත්ව පරීක්ෂණ සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීම.
٠ වාහනවලින් අහිතකර වායු පිටවීම උත්ප්‍රේරක පරිවර්තක යොදා පාලනය කිරීම.
٠ පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම මඟින් පුද්ගලික වාහන භාවිතය අවම කිරීම හා එමඟින් ඉන්ධන දහනය අවම කිරීම.
٠ භාවිතයට පෙර ගල් අඟුරුවල අඩංගු සල්ෆර් ඉවත් කිරීම.
٠ CFC වැනි අහිතකර වායු භාවිතය තහනම් කර HCFC වායු භාවිත කිරීම.
٠ සමහර රටවල ලෙඩ් අඩංගු පෙට්‍රල් තහනම් කිරීම.
٠ පොසිල ඉන්ධන වෙනුවට සූර්ය ශක්තිය, ජල විදුලිය, උදම් බලය ආදී විකල්ප ශක්ති ප්‍රභව භාවිතය ප්‍රචලිත කිරීම.