ඕසෝන්, ඔක්සිජන් වලින් පමණක් සමන්විත ත්රිපරමාණුක අණුවලින් සෑදුණු වායුවකි. පොළොවේ සිට කි.මී.25 ක් පමණ ඉහළින් තුනී ඕසෝන් වායු ස්තරයක් පවතී. සූර්යයාගෙන් නිකුත් වන අධි ශක්ති පාරජම්බුල (Ultra Violet) කිරණ පොළොවට ළඟා වීම වළකන ආරක්ෂක වියනක් ලෙසින් මෙම ස්තරය ක්‍රියාත්මක වේ.
ඉහළ වායුගෝලයේ දී O2වායුව පාරජම්බුල (UV) කිරණ අවශෝෂණය කර පරමාණුක ඔක්සිජන් සාදයි.
O2(g) → 2O (g)
මෙම පරමාණුක ඔක්සිජන් අතිශයින් ප්‍රතික්‍රියාශීලී වේ. ඒවා ඔක්සිජන් අණු සමඟ එක්ව ඕසෝන් වායුව සාදයි.
O (g) + O2 (g) → O3 (g)
මෙලෙස සෑදෙන O3 යළිත් O2 බවට පත්වෙමින් සමතුලිතතාවයකට එළැඹේ.
3O2 (g) ⇌ 2O3 (g)
ඉහළ වායුගෝලයේ දී CFC වැනි හැලජනීකෘත හයිඩ්‍රොකාබන අණු සූර්ය ශක්තිය ලබාගනිමින් බිඳී පරමාණුක ක්ලෝරින් ඇතිකරයි. මෙම පරමාණුක ක්ලෝරින් O3 සමඟ ප්‍රතික්‍රියා කරමින් ඕසෝන් අණු බිඳ දමයි.
CI (g) + O3 (g) → CIO- (g) + O2 (g)
නයිට්‍රික් ඔක්සයිඩ් ද මේ අයුරින් ඕසෝන් ස්තරයට හානි කරයි.
NO (g) + O3 (g) → NO2 (g) + O2 (g)
මේ ආකාරයට ඕසෝන් වියන ක්ෂය වීමෙන් එහි සිදුරු ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස අධි ශක්ති පාරජම්බුල කිරිණ පෘථිවි තලයට ළඟා වේ. එ මඟින් ඇති කරන අහිතකර තත්ත්ව කිහිපයකි මේ,
٠ ඇසේ සුද ඇතිවීම.
٠ හමේ පිළිකා බහුල වීම.
٠ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම.
٠ බෝග වල ප්‍රභාසංස්ලේෂණය අඩාල වීම.
٠ ජීවීන්ගේ විකෘති තත්ත්ව ඇතිවීම.