අම්ල වැසි (acid rain)
  වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව දිය වීමෙන් වර්ෂා ජලය ස්වභාවික ව මඳ වශයෙන් ආම්ලික වේ. ඒ අනුව ස්වභාවික වැසි ජලයේ pH අගය 5.6 ක් පකණ වේ. නමුත් සමහර අවස්ථාවල දී මේ අගය පහළ අගයක් ගනී. එනම්, ඉහළ ආම්ලික ස්වභාවයකින් යුක්ත බව හඳුනාගෙන ඇත. මීට ප්‍රධාන හේතුව වායුගෝලීය සල්ෆඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ යෑමයි. ජලයේ දියවන සල්ෆඩයොක්සයිඩ් වායුව මඟින් සල්ෆියුරස් අම්ලය (H2SO3) සෑදෙයි.

SO2(g) + H2O(I) → H2SO3(aq)

සල්ෆියුරස් අම්ලය තව දුරටත් ඔක්සිකරණය වී සල්ෆියුරික් අම්ලය (H2SO4) සෑදෙයි. අම්ල මිශ්‍ර ජලය, වැසි ලෙස වැටීම අම්ල වැසි යනුවෙන් හඳුන්වයි.

මෙ මඟින් සිදුවන පාරිසරික බලපෑම් කිහිපයකි මේ,
٠වෘක්ෂලතා හා වනාන්තර විනාශ වීම.
٠ ආම්ලික වැසි ජලාශවලට එක්වීමෙන් ජලජ ජීවීන් විනාශ වීම.
٠ පසේ ආම්ලික ගතිය ඉහළ යෑමෙන් ශාකවල ඛනිජ අවශෝෂණයට බලපෑම් ඇතිවීම.
٠ හුනුගල් වැනි පාෂාණ දියවීම.
٠ ලෝහමය ඉ ඳිකිරීම් විනාශ වීම.
(c) Shilpa Sayura Foundation 2006-2017