කිනම් වකවානුවක දේශීය කර්මාන්ත ආරම්භ විණැයි පැවසීමට පැහැදිලි ප්‍රමාණවත් සාක්ෂි නැති නමුත් විජය රජු ලංකාවට පැමිණි අවස්ථාවේ දී කුවේනි නම් කාන්තාව කපුකටිමින් සිටි බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙයි. එවක ශ්‍රී ලංකාවේ රෙදි කර්මාන්තය පිහිටි බවට එයින් ඉඟියක් සැපයේ.
පසුකාලීනව, සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමෙන් අනතුරුව විවිධ වෘත්තීනට අයත් ජනයා ඉන්දියාවෙන් මෙරටට පැමිණි බව පුරාවෘත්ත වලින් කියැවේ. එමෙන් ම කර්මාන්ත සංවර්ධනයේ දී කර්මාන්ත විවිධත්වයත්, අප සතු සම්පත් හා ගෙන ඇති ක්‍රියාමාර්ග, යන්ත්‍ර සූත්‍රවල දායක්තවය මෙම කොටසින් සාකච්ඡා කෙරෙයි.