ශාක අමුද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත
  මධ්‍යසාර හා විනාකිරි

විවිධ මධ්‍යසාර වර්ග තිබුණ ද බහුල ව ම භාවිත වන්නේ එතිල් (එතනෝල්) මධ්‍යසාර වේ. මෙහි තාපාංකය 78.300C කි. එය ඉන්ධනයක් ලෙසත්, විවිධ නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙසත් ප්‍රයෝජනයට ගැනේ. මත්පැන්වල අඩංගු වන්නේ එතිල් මධ්‍යසාරය යි.

ග්ලූකෝස් මත යීස්ට්වල ක්‍රියාකාරිත්වය මගින් එතිල් මධ්‍යසාරය හා කාබන්ඩයොක්සයිඩ් වායුව සෑදේ.
යීස්ට්වල ඇති සයිමේස් එන්සයිමය මඟින් මෙම ක්‍රියාවලිය උත්ප්‍රේරණය කෙරේ.

මධ්යටසාරවල ප්රයෝජන
٠ ලැකර්, වාර්නිෂ් වැනි තීන්ත පිළියෙල කිරීම
٠ ඩයි වර්ග හා සුවද විලවුන් නිෂ්පාදනය
٠ සමහර ඖෂධ පිළියෙල කිරීම
٠ එමෙන් ම විනාකිරි සෑදීමට මෙන්ම ඉන්ධනයක් ලෙස ද මධ්යරසාර භාවිත වේ.

විනාකිරි
මෙහි අඩංගු ප්ර්ධානම සංඝටකය ඇසිටික් අම්ලය යි. රා වැනි ද්රා.වණ මත ඇසිටොබැක්ටර් නම් බැක්ටීරියා ක්රි.යා කිරීමෙන් විනාකිරි සෑදේ. එහි ඇඹුල් ගතියට හේතුව ඇසිටික් අම්ලය යි.

කිතුල්, පොල් වැනි ශාකවලින් ලබාගන්නා තෙලිජ්ජ (මීරා) ද්රා වණ මද්යනසාරීය පැසීමට ලක්කර එතිල් මධ්යෙ සාරය නිපදවා එම මද්යලසාරය ඇසිටෝ බැක්ටර් වැනි බැක්ටීරියාවන්හි ක්රිියාවෙන් ඇසිටික් අම්ලය බවට ඔක්සිකරණය කෙරේ.
සංශුද්ධ ඇසිටික් අම්ලය තනුක කිරීමෙන් කෘත්රීීම විනාකිරි සාදා ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017