තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම (Technology roadmapping)
 

නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය තුළ විවිධ අවශ්‍යතා මතු වේ. එහි දී මතුවන ගැටලු වලට පවත්නා තාක්ෂණයේ වැඩි දියුණු කිරීම් හෝ නව තාක්ෂණයන් ආදේශ කර ගනිමින් විසඳුම් ලබාදිය යුතු වෙයි. එනම් නිෂ්පාදන දියුණු කිරීමේ ක්‍රියාවලිය තුළ පවත්නා විවිධ තාක්ෂණවේදී ක්‍රියාවලී පවතී. ඒවා පියවරෙන් පියවර පෙළගැස්වීමට හා ඒ අනුව කටයුතු කිරීමට තාක්ෂණවේදී කළමනාකරණයේ දී සැලකිලිමත් විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017