ක්‍රය ශක්තිය (මිල දී ගැනීමේ හැකියාව)
 නිෂ්පාදන මිලයට ගැනීමේ දී ඒ සඳහා වන ඉල්ලුම මෙන් ම පාරිභෝගිකයාගේ මිල දී ගැනීමේ හැකියාව මත රඳා පවතී. ඉහළ ක්‍රය ශක්තියක් ඇති පිරිස් මිලෙන් වැඩි භාණ්ඩ තෝරා ගනියි. අඩු ක්‍රය ශක්තියක් ඇති පිරිස් මිලෙන් අඩු භාණ්ඩ තෝරා ගනියි.     

ඇතැම් අවස්ථාවල ක්‍රය ශක්තිය අඩු පිරිස ආකර්ශණය කරගැනීමට ඉහළ මිලක් සඳහන් වූ භාණ්ඩ අඩු මිලකට විකුණයි. එවිට එම භාණ්ඩ වැඩි වැඩියෙන් විකිණේ. එබැවින්, වෙළඳපොළ ඉල්ලුම ක්‍රය ශක්තිය මත රඳාපවතින බව පැහැදිලි වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017