සියවස් ගණනාවක් ම ස්ථාවරව පැවති චීන සමාජය මෙයින් පසු වෙනස් විය. ජනතාව සීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් දිරි දීමනා ලබා දුනි. කෘෂිකර්මාන්තයේ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ
වර්ධනය සීඝ්‍ර වී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් විය. කාන්තාවන්ට හා පිරිමින්ට සමාන ස්ථාන හිමිවිය. නවීන ලෝකයට ගැළපෙන සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනස්කම් විය.
පහසුවෙන් භාවිත කළ හැකි චීන අක්ෂර මාලාව සකස් වුණි. හුදකලාව සිටි චීනය සෝවියට් දේශය, ඇමරිකාව ඇතුළු බොහෝ රාජ්‍යයන් සමඟ සබඳතා ඇතිකර ගත්තේය. සෑම
ක්ෂේත්‍රයකම දියුණුවක් ඇති කර ගත් චීනය මේ වන විට ලෝක බලවතකු බවට පත් වී ඇත. චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ද දරයි.
