සංස්කෘතික විප්ලවයත් සමඟ විවිධ චෝදනා යටතේ රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගැනිණි. සමහරු තනතුරෙන් පහළ දැමී ය. 'සංශෝධනවාදය' 'පක්ෂ විරෝධි කටයුතු' 'ධනවාදි
මාර්ගයේ ගමන් කිරීම' මොවුන්ට එල්ල වු චෝදනා විය.
මෙයට දැඩි විරෝධයක් එල්ල වීමත් සමඟ මාඕ තරුණ පෙළ දෙසට හැරුණි. 'විප්ලවය ඉගෙන ගන්න. විප්ලව කිරීමෙන් විප්ලවය ඉගෙන ගන්න' යයි මාඕ පැවසීය. රට පුරා පාසල්
වසා දමා 'රතු භට ආරක්ෂක හමුදා' පිහිටුවීය. 1966 අගෝස්තු මස පීකිං නුවර නගරයේ ප්‍රථම 'රතු ආරක්ෂක හමුදාව' පිහිටුවීය.
මාඕ සේතුං ගේ චින්තනය පිළිගෙන ඒ අනුව කටයුතු කරන ලෙස ඔහු ජනතාවට කියා සිටියේය. කොමියුනිස්ට් සාමාජිකයන් හා නොවන දෙපිරිසම ඇතුළත් කොට විප්ලවකාරි කමිටු
පිහිටුවා ඒ අය කර්මාන්තශාලා පළාත් හා ප්‍රාදේශීය ආණ්ඩු මෙන් ම මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු පවත්වාගෙන යාමට යෙදවීය.
මෙවැනි රැඩිකල් අරමුණු නිසා රට අරාජික විය. ප්‍රධාන කර්මාන්තශාලා වැඩ වර්ජන ඇතිවිය. ප්‍රවාහනය අවුල් විය. චීනය රාජතාන්ත්‍රික වශයෙන් තනිවිය. කොමියුනිස්ට් රටවල් පවා
තානාපති සබඳකම් අත්හැරීය. රතු ආරක්ෂක භට හමුදාව හා විප්ලවකාරි කැරලිකරුවෝ 1968 දී ඇතැම් පළාත් වල සිවිල් යුද තත්ත්වයක් ඇතිකළහ. මේ තත්ත්වය නිසා 'මහජන
විමුක්ති හමුදාව' කැඳවා තත්ත්වය සන්සුන් කිරීමට මාඕට හා චෞ-එන්-ලායි ට සිදුවිය. අනතුරුව අතිධාවනකාරීන් පක්ෂයෙන් ඉවත් කළහ. සංස්කෘතික විප්ලවයේ උපදේශකයා වූ
ලින්-පියා-ඕ මාඕ ගෙන් පසුව නායක තනතුරට නම් කොට සිටි නමුදු ඔහු සංස්කෘතික විප්ලවයේ චුදිතයකු බවට පත්විය. ඔහු රුසියාවට පළා යමින් සිටිය දී ගුවන් අනතුරකින් ම්ය
ගියේය.
