කාර්මීකරණයත් සමඟ කෘෂිකර්මය ද සීඝ්‍ර ලෙස දියුණු විය. මෙහි ප්‍රථම අදියර ඉඩම් ප්‍රතිසංකරණයෙන් විශාල ඉඩම් හිමියන්ට ඉඩම් අහිමි විය. ඊට විරෝධය පෑ ඉඩම් හිමියන් මරා දැමූ
අවස්ථා ද විය.
අනතුරුව සාමූහික ගොවිපළවල් පිහිටුවීය. ඒවායේ කටයුතු සාමාජිකයන් මෙහෙයවූහ. 1955-1957 අතර කාලයේ දී මෙය වේගයෙන් ඉදිරියට ගියේය. සාමූහික ගොවිපළවලට
ඇතුළු වූ ගොවීහු කැමැත්තෙන් ම සමූපකාර ක්‍රමයට ක්‍රියා කළහ.
1959 දී කෘෂිකර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමට 'මහා ඉදිරි පිම්ම' වැඩසටහන හඳුන්වා දෙන ලදී. එසේ වුවත් භේද ගණනාවක් නිසා මෙම වැඩසටහන අසාර්ථක විය.
මෙය අසාර්ථක වු නිසා මාඕගේ දේශපාලන තත්ත්වය තරමක් දුර්වල විය. 1959 දී සභාපති පදවිය අත්හැර දැමූ ඔහු පසුපෙළ නායකත්වය පමණක් තබා ගනිමින් පක්ෂය තුළ තම බලය
තහවුරු කර ගැනීමටත්, හමුදාවේ සහාය ලබා ගැනීමටත් කටයුතු කළේය. ඊට පසු සංස්කෘතික විප්ලවයක් දියත් කෙළේය.
