ජාතිකවාදි සේනා පරාජයට පත් වූ පසු කොමියුනිස්ට් නායකයෝ චීනයේ විශාල ප්‍රදේශයක බලය තහවුරු කර ගත්හ.
1949 ඔක්තෝබර් වල චීන මහජන ජනරජයක් පිහිටු වූ බවත්, එහි අගනුවර පීකිං බවත් ප්‍රකාශයට පත් කළේය.
1954 මහජන චීන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්විය.
එම ව්‍යවස්ථාව සෝවියට් ව්‍යවස්ථාවට සමාන විය.
කොමියුනිස්ට් ආධිපත්‍යයට අනුව පිහිටවූ 'සමස්ත චීන මහජන කොන්ග්‍රසය' වටා බලය ඒකරාශි විය.
පුද්ගල නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය, වයස අවු. 18 වැඩි අයට ඡන්ද බලය හිමි වීම, දේපොළ අයිතිය එම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට තිබිණි.
කොමියුනිස්ට් පක්ෂය බලයට පත්වීමෙන් ආර්ථික, සාමාජික හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක විය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා වු මාඕ සේ තුං මාක්ස්වාදය චීනයේ
ප්‍රශ්න විසදීම ට භාවිතා කළේ එය චීන සම්ප්‍රදායට අනුකූලවය. චීනයේ ශ්‍රේෂ්ට උරුමයට ගරුකළ ඔහු 'ජයග්‍රාහි විප්ලවකාරි' සම්ප්‍රදාය රැකගත්තේය.
මා-ඕ මාක්ස්වාදි නියමයන් වන පංති අරගලය පිළිගත් අතර 19 සියවසේ සිදු වූ තායි පෙං ගොවි කැරැල්ල හොඳින් අධ්‍යයනය කළේය. ගොවීන්ගේ සහාය ඇතිව මහා පරිමාණ
විප්ලවයක් දියත් කළ ප්‍රථම නායකයා මා-ඕ-සේතුං ය. මෙය ලෙනින්ගේ හා ස්ටාර්ලින්ගේ න්‍යායට නොගැළපේ. චීනයේ බිහි වු සමාජය සෝවියට් සමාජයට වඩා වෙනස්ය.
ව්‍යාපාරිකයන්ට හා මධ්‍යම පංතියට කොමියුනිස්ට් රජය සමඟ එක්ව වැඩ කිරීමට කැමති නම් එසේ කළ හැකි නමුත් ඔවුන්ගේ දේපළ තාවකාලිකව රජයට භාරදිය යුතුය. 1956 දී
මධ්‍යම පංතියේ හිමිකම් ඉවත් කෙරිණි. මාඕ-සේ-තුං යටතේ චීනයේ කාර්මික ක්ෂේත්‍රයේ සීඝ්‍ර දියුණුවක් ඇතිවිය.
