දීර්ඝ පා ගමන
 

චියැං කායි ෂෙක්ගේ හමුදාව කොමියුනිස්ට් පාක්ෂිකයන්ට හිරිහැර කරන නිසා මාඕ-සේ-තුං දීර්ඝ පා ගමනක් සංවිධානය කළේය. මෙහි සැතපුම් 6000 ක් පමණ වේ. 1934

ඔක්තෝබර් මාසේ කියැංග්සි ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම පා ගමන යොයාන් ප්‍රදේශයේ පිහිටි කොමියුනිස්ට් මූලස්ථානයෙන් අවසන් වන විට වසරක් ගෙවී තිබිණි. ගමනාරම්භයේ දී

90000 පමණ ජනතාවක් එක්ව සිටිය ද අවසානයේ රැදී සිටියේ 20000 ක් පමණී. මොවුන් නියම කොමියුනිස්ට්වාදියෝ ලෙස පිළිගැණුනි. මෙයින් පසු මාඕ සේ තුං චීන

කොමියුනිස්ට් පක්ෂයේ අසහාය නායකයා විය. පා ගමන අවසන් වන විට විශාල ජන සහායක් පක්ෂයට ලැබුණි. එහෙත් ප්‍රධාන නගර හා ආර්ථික සම්පත් තිබුණේ චියැං කායි ෂෙක්ගේ

අතේය.
කොමියුනිස්ට් පාලකයෝ ඉඩම් ප්‍රශ්නය විසදීම සඳහා විශාල ඉඩම් කැබලි කර ඉඩම් නැති අයට බෙදා දුන්හ. බදු කුලී අඩු කරන ලදී. ඉඩම් බැංකුවක් ද පිහිටුවේය. වාරි මාර්ග ඉඳි කළ

අතර සමූපකාර සංවිධාන ඇති කළේය. වගා කිරීමේ ක්‍රම ද බෝග වර්ග පාලනය ද ගොවීන්ට පැහැදිලි කළහ. මේ අතර ජපානය චීනය ආක්‍රමණය කළේය.

දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන විට (1939) චීනය ඉතා ශක්තිමත් රාජ්‍යයකි. ජපනුන්ගේ දැවැන්ත යුද යාන්ත්‍රණයට ද මුළු චීනයම අල්ලා ගත නොහැකි විය. ඇමරිකාව

ජපානයට එරෙහි ව යුද්ධයට අවතීර්ණ වීමත් සමඟ මිත්‍ර පාක්ෂිකයන්ගෙන් චීනයට යුද ආධාර ලැබුණි.
එතෙක් ජාතිකවාදි ක්වෝමිංටාන්වරුන් සමඟ පැවති ගැටුම් වලින් කොමියුනිස්ට් පක්ෂය ජය ගත් අතර චියැං-කායි-ෂෙක් තම සහායකයින් සමඟ තායිවානයට පළා ගියහ.

(c) Shilpa Sayura Foundation 2006-2017