ගොවි පවුලක උපත ලැබූ මාඕ-සේ-තුං තරුණ අවධියේ සිටම ඉඩම් හිමියන්ට හා වංශාධික දුෂ්ට පාලනයට එරෙහි වූවෙකි. 1921 දී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන අවස්ථාවේ
සිටියෙකි. මොහු ක්‍රමයෙන් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු විය.
ගම් මට්ටමෙන් සමූපකාර සංවිධාන පිහිටුවීම.
ක්‍රෑර ප්‍රභූ පංතිය බිය වැද්දීම හා පහර දීම. මොහුගේ සැලැස්මට ඇතුළත් ය.
'විප්ලවය මහජනතාවට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීම හා සමාන නොවේ'
'ග්‍රාමීය විප්ලවය යනු ගොවි ජනතාව විසින් වැඩවසම් ඉඩම්හිමි ධනපති පංතියේ අධිකාරි බලය පෙරළා දමන ක්‍රියාවලියයි'
'චීනයේ සාර්ථකව විප්ලවය කරන්නේ ගොවි ජනතාවයි'
මෙය මාඕ-සේ-තුංගේ ලිපිවල දැක්වෙන අදහස් ය.
මෙහි අවසාන ප්‍රකාශයට සෝවියට් නායකයෝ අකමැති වූහ. සෝවියට දෙශයේ මෙන් චීනයේ ප්‍රබල කම්කරු පංතියක් නොමැති බව මාඕ පෙන්වා දුන්නේය.
