(1888-1975) වියැං-කායි-ෂෙක් ක්වෝමිංටාන් පක්ෂය පත්කළ ජනරාල්වරයකි. යැංග්සි නිම්නයේ යුද නායකයන් පරාජය කළ මොහු සේනාව ලවා එල්ල කළ ප්‍රහාරවලින්
පළාත් ගණනාවක බලය ව්‍යාප්ත කිරීමට කැන්ටන් රජයට හැකිවිය. මේ ප්‍රහාර මාලාව 'දඬුවම් දීමේ ප්‍රයාණය' නම් වේ.
මෙම ජයග්‍රහණයත් සමඟ පක්ෂයේ මත ගැටුමක් ඇතිවිය. පක්ෂයේ කොන්සවැටිව් මත දැරූ පරිස කොමියුනිස්ට්වරු නෙරපා දැමූහ. 1927 දී ක්වෝමිංටාන් පක්ෂයේ රැඩිකල්වාදීන්
ඉවත් කිරීමෙන් පසුව ක්වෝමිංටාන් චීනය පුරා තම බලය ව්‍යාප්ත කිරීමට සංවිධානය කෙළේය. ඔහු පක්ෂයේ අසහාය නායකයා විය. මිලිටරි නායකයන්ගේ ප්‍රදේශ ඔස්සේ තම
සේනාවන් මෙහෙයවා අපහසුවකින් තොරව 1928 දී පීකිං නගරය අල්ලා ගත්තේය. ඊළඟට නැන්කින් නගරය අල්ලා ගත් ඔහු එය තම අගනුවර කර ගත්තේය.
(වියැං-කායි-ෂෙක් යටතේ ජාතිකවාදි ක්වෝමිංටාන්වරුන් නැන්කින්හි බලය පිහිටුවා සේවා කීපයක් ඉටු කළහ. 18 වැනි සියවසෙන් පසු චීනයේ විශාල කොටසක ඒකාබද්ධ පාලනයක්
ගෙනයාමට හැකිවුණේ වියැං-කායි-ෂෙක්ගේ පාලන සමයේදී ය. ජාතිකවාදීන්ගේ රජය ඉතා ඉක්මනින් ලොව පුරා පිළිගැනීමකට ලක් වූ අතර රටවල් රැසක් සමඟ තානාපති සබඳතා
ඇතිකර ගැනීමට සමත් විය. ඇමරිකාව ඇතුළු බලවත් රටවල් චීනයේ වෙළෙඳාමට පනවා තිබූ බදු ඉවත් කළේය.)
ක්වෝමිංටාන් පාලනය විසිවසරකින් පසු බිඳ වැටුණි.
1.චීන ජන සමාජයේ ගැටළු විසදීමට අසමත් වීම.
2.චීන කොමියුනිස්ට්වාදීන් බලවත් වීම.
3.1937 දී ජපානය චීනය ආක්‍රමණය කිරීම.
මීට පාදක විය.
