රුසියාව කොරියාවේ ප්‍රදේශ කීපයක් යටත් කරගෙන සිටි අතර චීන ජපන් යුද්ධයෙන් පසුව කොරියාව ආක්‍රමණය කෙළේය. ඊට ප්‍රතික්‍රියාවක් ලෙස 1904 දී ජපානය රුසියාවට
ප්‍රහාරයක් එල්ල කොට රුසියාව සතු සබාලින් දූපතේ දකුණු කොටස අල්ලා ගත්තේය. මෙහිදී රුසියාව, ප්‍රංශය, හා ජර්මනිය මැන්චූරියාවේ දකුණු කොටසින් ජපානය ඉවත් විය යුතු
බව දන්වා සිටියහ. මේ අනුව ජපානය මැන්චූරියාවෙන් ඉවත් වූ වහාම චීනය රුසියාව සමඟ ගිවිසුමක් ඇතිකර ගනිමින් එරටෙහි ආරක්ෂාව බව කියමින් මැන්චූරියාව රුසියාවට බාර
දුන්නේය.
කොරියාව හා මැන්චුරියාව සම්බන්ධයෙන් එකගතාවකට ඒමට ජපානය උත්සාහ කළ ද සාර් රජුගේ නොසැලකිල්ල නිසා එය අසාර්ථක විය. රුසියාව සමඟ යුද්ධයකට යාම
අනතුරුදායක බව ජපානය දැන සිටි නමුදු නමුත් ජපානය බ්‍රිතාන්‍ය සමඟ ගිවිසුමක් ඇති කොට තිබූ බැවින් නාවික හමුදා සහාය ජපානයට ලබාගත හැකිව තිබුණි.
රුසියන් ජපන් යුද්ධයේ දී ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ජපානයේ පැත්ත ගත් බැවින් රුසියාව පරාජය විය. ජපානයේ ජයග්‍රහණය නිසා එරට පිබිදීමක් ඇති වූ අතර රුසියාව පරාජයත් සමඟ
බොල්ෂෙවික්වරුන්ගේ නැගිටීමෙන් තවත් අසීරු තත්ත්වයකට පත්විය. 1910 දී ජපානය කොරියාව යටත් කර ගත්තේය. 1914 දී පළමුවන ලෝක සංග්‍රාමයේ ආරම්භයත් සමඟ
ජපනයට තම බල ව්‍යාප්තියට අවස්ථාවක් උදාවිය. ඊට අමතරව ආසියා, අප්‍රිකා රටවලට යුද උපකරණ විකිණීමෙන් විශාල ධනයක් උපයා ගැනීමෙන් ආර්ථික වර්ධන වේගය ද ඉහළ
ගියේය.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ජපානය ජර්මනියට හා ඉතාලියට පක්ෂව යුද්ධයට සහභාගි විය. ජපානය චීනය ආක්‍රමණය කිරීමේ දී ඇමරිකාව ජපානය සමඟ කළ වෙළෙඳාම සීමා
කලා පමණක් නොව ජපානය චීනයෙන් ඉවත් විය යුතු බව ද කියා සිටියේ ය. මෙහි දී ඇමරිකාව ජපන් විරෝධිව ක්‍රියා කළ නිසා ජපානය 1941 දෙසැම්බර් 7 දින පර්ල් වරායට
පහර දුන්නේය.
මෙලෙස යුද්ධයට අවතීර්ණ වූ ජපානය මුල් මාස කීපයේ ජයග්‍රහණයන් කීපයක්ම ලබා ගත්තේය. ඇමරිකානුවන් සතුව තිබූ ගුවාම් බල කඳවුර, තායිලන්තය, මලයාසියාව හා
සිංගප්පූරුව අල්ලා ගෙන පැසිපික් සාගරයේ නවතා තිබූ යුද නැව් දෙකක් ද ගිල්වා දැමීය.
පසුව බ්‍රිතාන්‍යට හා ඕලන්දයට අයත් ව තිබූ පෙරදිග ඉන්දියා දූපත් යටත් කොට ගෙන ඕස්ට්‍ර්ලියාවට පහර දීමට උත්සාහ කළේය. ජපානය ලත් මෙම ජයග්‍රහණ නවතාලීමට හැකිවුණේ
ඇමරිකානු නාවිකයන් කොරල් මුහුද අසල දී කළ සටනේ දී ය.
මෙහිදී කොන්දේසි විරහිතව යටත් වීම හෝ විනාශ වීම යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස ඇමරිකාව දැනුම් දුන්නත් ජපානය ඊට පිළිතුරු නොදුන්නේය. ඒ අනුව පොට්ස්ඩෑම්
නගරයේ දී බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි හා ඇමරිකානු ජනාධිපති එකඟ වූ පරිදි 1945 අගෝස්තු 5 හිරෝෂිමා නගරයට ද 1945 අගෝස්තු 9 නාගසාකි නගරයට ද
පරමානු බෝම්බ හෙළීය. මෙම ප්‍රහාරෙන් එම නගර දෙකම විනාශ වූ අතර ලක්ෂයටකට අධික ජනතාවක් මියගියහ. 1945 සැප්තැම්බර් 2 දින ජපානය කොන්දේසි විරහිතව යටත්
විය.
දෙවන ලෝක යුද්ධයෙන් බරපතල හානි වූ රටවලට ආධාර දීමට මාර්ෂල් සැලැස්ම නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සංවිධානය කෙළේය. ජෝර්ජ් මාර්ෂල් සැලසුම්
කළ මෙම සැලසුමෙහි අරමුණ වුණේ හානි වූ රටවල් කොමියුනිස්ට් බලපෑමට යටත් විය හැකි වීමයි.
ජපානයට ද මෙම ආධාර හිමිවිය. මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සැන්ප්‍රැන්සිස්කෝ නුවර පැවැත් වූ සම්මේලනයට ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස සහභාගි වුණේ ජේ.ආර්.
ජයවර්ධන මහතා ය. එහි දී ඔහු 'නහී වේරේන වේරාණි'යන බුද්ධ පාඨයට දක්වමින් සියළු ජාතීන් ජපානයට සමාව දීමට කැමති කරවා ගත්තේය. එදා සිට මේ දක්වා ජපානය ශ්‍රී
ලංකාවේ ප්‍රබල මිතුරකු සේම කෘතගුණ සැලකීමක් වශයෙන් බොහෝ ආධාර කරයි.
