එකල ආසියාවේ දුප්පත් ම රාජ්‍යයක් වු කොරියාවේ ඇති වූ කැරැල්ලක් මර්දනය කිරීමේ නාමයෙන් චීනය සහ ජපානය කොරියාවට කඩා වැදුණහ. එමඟින් 1895 දී චීනය හා
ජපානය අතර යුද්ධයක් ඇතිවිය.
එම යුද්ධයේ දී ජපන්නු ජයගත්හ. කොරියාවේ ස්වාධීනත්වය චීනය පිළිගත යුතු බවත්, යුද්ධයට ගිය වියදම ජපානයට ගෙවිය යුතු බවත් ජපානය කියා සිටියේය. එසේම පෝර්මෝසා,
පෙස්කදෝරි දූපත් හා මැන්චුරියාවේ දකුණු කොටසට අයිතිවාසිකම් කීම චීනය නැවැත්විය යුතු බව ද ජපානයේ නියමය විය. එමගින් චීනය අභිබවා ජපානය තම බලය කොරියාවේ
පිහිටුවීය.
