ටොකුගාවා යුගයේ කෘෂිකාර්මික ජනතාවක් වු ජපන් වැසියෝ මෙයිජි යුගයේ වාණිජ කටයුතු වල ප්‍රමුඛස්ථානයේ සිටී. ධනවාදි අර්ථිකය ක්‍රමයෙන් වර්ධනය විය. කාර්මිකකරණය
කෙරේ අවධානය යොමුකළ පාලකයෝ ඊට පෞද්ගලික අංශය ද එකතු කර ගත්හ. දුම්රිය මාර්ග හා සන්නිවේදනය රාජ්‍යයේ ආරක්ෂාව පතා ආණ්ඩුව යටතේ පවත්වා ගනු ලැබීය.
'මිට්සුයි'සිමෙන්ති හා 'මිට්ෂුබිෂි'මෝටර් රථ සමාගම මෙයිජි සමයේ ආරම්භ වු දැවැන්ත කම්හල් දෙකකි. මිට්සුයි සමාගම මස්ට්‍රයි විසින් ද මිට්ෂුබිෂි සමාගම සන්සුමා සමුරායිට සම්බන්ධ
අයකු විසින් ද ආරම්භ කරන ලදී. ජපන් නිෂ්පාදන වේගයෙන් ඉදිරියට ගමන් කළ ද කම්හල් වලින් බොහොමයක් කුඩා ය. බැර කර්මාන්ත තිබුණේ ස්වල්පයකි. 1930 වන විට
ජපානයේ කම්කරු සංඛ්‍යාව මිලියන හයකි. ඉන් 3/4 ක් සේවය කළේ සියයට අඩු පිරිසක් සේවය කරන කම්හල් වලය. ඇතැම් කම්හල්වල සිටියේ සේවකයන් පස් දෙනෙකු වැනි
සුළු සංඛ්‍යාවකි.
නැගෙනහිර ආසියාවට ව්‍යාප්ත වීම ජපානයේ අපෙක්‍ෂාව විය. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ ආසියාතික ප්‍රදේශ යටත් කර ගැනීමය.
