වසර 700 ක් ජපානය පාලනය කළ ටොකුගාවා ෂෝගුන්වරු 1867 දී සිය බලතල කියෝතෝවේ සිටි අධිරාජයා වූ මුට්ෂුහිතෝට බාර දුන්හ. ඔවුන් හමුදා ජනරාල් පදවිය අපෙක්ෂා
කළ නමුත් එය ද නොලැබිණි. ටොකුගුවා පවුල මූ්ුළුමනින්ම පහතට හෙළනු ලැබීය. අධිරාජයාගේ පාලන මධ්‍යස්ථානය කියෝතෝවේ සිට ටෝකියෝ නගරයට මාරු කළේය. එහි
තිබූ ටොකුගවා ෂෝගුන්වරුන්ගේ මන්දිරය අධිරාජයාගේ මාලාගාව ලෙස ප්‍රතිසංස්කරණය කළේය. මේ ක්‍රියාවලිය මෙයිජි ප්‍රතිෂ්ඨාපනය යනුවෙන් හඳුන්වයි.
මෙයිජි ප්‍රතිෂ්ඨාපනය සිදුවන විට මුට්ෂුහිතෝගේ වයස අවු.15 ක දරුවෙකි. ජපන් ආයතන ප්‍රතිසංවිධානයේ දී ඔහු දැක් වූ දක්ෂතාව විස්මයජනකය. ඔහුගේ පාලන සමය (1868
-1912) 'මෙයිජි' ප්‍රබුද්ධ සමය ලෙස හැදින්වෙන අතර 1871 දී ඔහු වැඩවසම් ක්‍රමය අහෝසි කළේය.
ඔහුගේ අදහස අනුව වැඩවසම් ක්‍රමය ජපානයේ ඉදිරි ගමනට බාධාවක් මෙන්ම ශක්තිමත් ජාතියක් වශයෙන් නැඟී සිටීමට බාධාවකි. අධිරාජයාගේ ප්‍රතිසංස්කරණ යටතේ වැඩවසම්
වංශාධිපතින් භුක්ති විදින වරප්‍රසාද අත්හැරිය යුතු විය.
දේශපාලන, ආර්ථික, සාමාජික හා බුද්ධමය වශයෙන් මෙයිජි සමයේ සීඝ්‍ර දියුණුවක් ඇතිවිය. මෙම ප්‍රතිසංස්කරණ මහජන උද්ඝෝෂණයක හෝ වෙනත් කැරැල්ලක ප්‍රතිඵලයක් නිසා
සිදුවූවක් නොවීම වැදගත් කරුණකි. ජනතාව තම නායකයාට කීකරු ව ජපානය නව රාජ්‍යයක් කරා පරිවර්තනය වන ආකාරය දෙස බලා සිටියහ.
මෙයිජි නායකයෝ බටහිර රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැඹුරින් අධ්‍යයනය කළහ. එම අධ්‍යයනයෙන් පසු ජපානය ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් පිහිටුවීම සඳහා
ට තීරණය කළහ. තෝරාගත් මණ්ඩලයක් මගින් සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1889 දී අධිරාජයා ප්‍රකාශයට පත්කළේය. මෙය 1871 දී ජර්මන් අධිරාජ්‍යයේ සකස් කළ
ව්‍යවස්ථාවට සමාන විය.
මෙයිජි පාලනය යටතේ සම්පාදනය කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාාව
1.'ඩයට්'යනුවෙන් හඳුන්වන ද්වි මණ්ඩල පාර්ලමේන්තුව ස්ථාපිත කිරීම.
2.මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සාමාන්‍ය ව්‍යවස්ථා කටයුතු අයත් විය.
3.මුදල් කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබුණේ සීමිත බලයකි.
4.මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති ව්‍යවස්ථාවට ඇතුල් කොට තිබුණි.
5.ඡන්ද බලය ලැබුණේ ජන සංඛ්‍යාවෙන් 1% තරම් වු ඉඩම් හිමි ධනවතුන්ට පමණී.
6.අධිරාජයාගේ බලතල ප්‍රධාන බව පිළිගෙන ඇත.
7.අධිරාජයා ත්‍රිවිධ හමුදාවල අධිපතියා වූ අතර විදේශ කටයුතු මෙහෙයවනු ලැබුවේ ද ඔහු ය.
8.පාර්ලිමේන්තුව පනවන අණ පනත් ක්‍රියාත්මක වන්නේ අධිරාජයාගේ අනුමැතියෙන් පසුවය.පාර්ලිමේන්තුව සම්මත කළ පනත් නිෂේධ කිරීමේ බලය ඔහුට තිබුණි.
9.ඇමතිවරුන් වගකිව යුතු වූයේ පාර්ලිමේන්තුවට නොව අධිරාජයාට ය.
10.පාබල හා ගුවන් හමුදා බාර ඇමතිවරු සෘජුවම අධිරාජයා සමඟ සබඳතා පැවැත්වූහ.
මෙහි පැරණි ජපන් සම්ප්‍රදායේ අංග කීපයක් ද අඩංගුවීම සුවිශේෂිය. කොන්පියුසියස් දර්ශනය සමඟ බැඳුණු එම සම්ප්‍රදායික පිළිගැනීම් කීපයකි මේ.
1. මිනිසා ස්වභාවයෙන්ම අසමාන බවත් පහත් පුද්ගලයා උසස් පුද්ගලයාට යටත් විය යුතු බවත් විශ්වාස කිරීම.
2.නීතියෙන් කරන ආණ්ඩුවට වඩා මිනිසා විසින් කරවන ආණ්ඩුව හොඳ බව පිළිගැනීම.
3.පුද්ගලයාට වඩා සමාජය වැදගත් බව සැලකීම.
4.රාජ්‍යයකට වැදගත් වන්නේ පීතෘමූලික සමාජයක් බව පිළිගැනීම.
