ජපානය නූතන රාජ්‍යයක් බවට පරිවර්තනය වීම
 

17 වැනි සියවසේ සිට ෂෝගුන්වරුන් පවත්වාගෙන ආ හුදකලා ප්‍රතිපත්තිය බටහිර ජාතීන් ඈත පෙරදිග රටවල් සමඟ වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමත් සමඟ අත හැරීමට බල

කෙරුණ තත්ත්වයක් උදාවිය. 19 වැනි සියවසේ සිට යුරෝපීය ජාතීන් වෙළඳාම සඳහා ජපන් දොරටු විවෘත කර ගැනීමට කළ උත්සාහ සියල්ල අසාර්ථක විය. අවසානයේ මේ

කාර්යයට ඇමරිකාව මැදිහත් විය.

1853 ජූලි මාසයේ කොමදෝරු පියරිගේ දුම් නැව් හමුදාව ටෝකියෝ බොක්කට ඇතුළු විය. වොෂිංටන් රජයේ උපදෙස් පරිදි පියරි ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කළේය.
1. ඇමරිකා එක්සත් ජනපදයේ අබලන් වූ නැව් හා ඒවායේ නැවියන් ආරක්ෂා කිරීම.
2. නැව් වලට ඉන්ධන ජලය හා ආහාර පාන සැපයීම.
3. නැව් අලුත්වැඩියා කිරීම.
4. වෙළඳාමට අවසර දීම.

ජපන් පාලකයන් මෙම ඉල්ලීම් වලට කන් නොදුන්හ. ඇමරිකානු කොන්සාල් ජෙනරාල් හැරිස් ටවුන්ඩ්සෙන්ඩ් මහතා පැමිණ උපායශීලිව ජපන් පාලකයන්ට පහත කරුණු පෙන්වා

දුන්නේය.
1.යුරෝපා ජාතීන්ට වෙළෙඳාම සඳහා චීනය අවසර නොදීමෙන් බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් කීපයක් චීනය ආක්‍රමණය කළ බව.
2. ඒ හේතු කොට චීනය තුළ සාමකාමි බවක් නොතිබීම.

ජපානය තුළ වෙළෙඳාමට ඉඩ ලැබේ නම් එම කටයුතු සාමකාමිව සිදුකිරීමට හැකි බව පෙන්වා දුන්නේය.

ඒ අනුව ෂෝගුන්වරු සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ටවුන්ඩ්සෙන්ඩ් සමත් විය. මෙම ගිවිසුමෙන් අනතුරුව රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනිණි.
මෙලෙස ජපානය බාහිර ලෝකයට විවෘත වීමත් සමඟ ෂෝගුන්වරුන් පාලනය අත්හැරීය. ජපන් රජය නූතන සංකල්ප මත ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බැවින්

ෂෝගුන්වරුන්ගේ ඉවත්වීම වැදගත් විය. ඩයිමියෝවරුන් බල ප්‍රදේශ හතරක් පාලනය කළහ.
චොෂු, සත්සුම, හිශෙන් හා තොස යන අය එම ප්‍රදේශ හතරේ පාලකයෝ වූහ.

ෂෝගුන් පාලනය අවසන් කර දැමීමට මාන බලමින් සිටි මෙම සිව්දෙනාට මෙය කදිම අවස්ථාවක් විය. ෂෝගුන්වරු විදේශිකයන් සමඟ ඇතිකරගත් ගිවිසුමට තදින්ම විරුද්ධ වූ ඔවුන්

ගිවිසුමට විරුද්ධව නැගී සිටියහ. කියෝතෝහි සිටි අධිරාජයා නියම පාලකයා විය යුතු බවත්, විදේශිකයන් ජපානයෙන් නෙරපා දැමිය යුතු බවත් ඔවුහු කීහ.
කෙසේ වෙතත් හැරිස් ටවුන්ඩ්සෙන්ඩ් ගිවිසුම අත්සන් කොට තිබුණේ අධිරාජයාගේ අනුමැතිව ඇතිවය.
1863 දී සත්සුමගේ භටයන් ඉංග්‍රීසි ජාතිකයකු ඝාතනය කළ හෙයින් එයට පළිගැනීමක් ලෙස බ්‍රිතාන්‍ය හමුදාව සත්සුමගේ අගනුවරට බෝම්බ හෙළී ය. මෙයින් පසු ප්‍රධාන බල

ප්‍රදේශ සතරේ නායකයෝ විදේශිකයන්ට දක්වන සතුරු ආකල්ප ඉවත් කර ගත්හ.

(c) Shilpa Sayura Foundation 2006-2017