ටොකුගාවා පාලනය අවසන් වීම
 

1867 දී ටොකුගාවා පාලනය අවසන් විය. ඉන් පසු ජපානයේ විප්ලවකාරි වෙනස්කම් රැසක් ඇතිවිය. ජපානයේ වැඩි කොටසක් ෂෝගුන්වරුන්ගේ ඒකීය පාලනයට නතු වූහ. එසේ ම

මේ පාලන කාලය තුළ දීර්ඝකාලීන සාමයක් සහ ආරක්ෂිත බවක් පැවතීම සුවිශේෂ ලක්ෂණයකි. සමාජය පංති වලට බෙදා තිබුණ ද එය එතරම් දැඩි නොවීය. සමාජය සමජාතීය විය.

සන්නිවේදන ජාල පුළුල් වූ අතර අධ්‍යාපනය ශීඝ්‍ර වෙනසකට බඳුන් විය. සාක්ෂරතාව පිරිමින්ගේ 45% ක් ද කාන්තාවන්ගේ 15% ක් ද විය.
ජපානය නූතන රාජ්‍යයක් බවට පරිවර්තනය වීමේ පදනම දැමුනේ ටොකුගාවා ෂෝගුන් පාලන කාලයේදී ය. ෂෝගුන් සමය ජපන් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් ලෙස සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017