ටොකුගාවා අවධියේ ජපානයේ දියුණුව
 

ජනගහන මට්ටම ඉතා පහළ මට්ටමක පැවති 18 වන සියවසේ ජපානයේ ජන සංඛ්‍යාව මිලියන 30 පමණ විය.

විදේශීය වාණිජ කටයුතු කපාහැර තිබුණ ද කර්මාන්ත හා අභ්‍යන්තර වෙළඳාම අඛණ්ඩව වර්ධනය විය. යටිතල පහසුකම් සතුටුදායක විය. නිෂ්පාදන භාණ්ඩ හා කෘෂි නිෂ්පාදන

ශීඝ්‍රයෙන් හුවමාරු වීම ධනවාදි අර්ථ ක්‍රමය වර්ධනය වීමට හේතු විය. 18 වන සියවස අවසන් වන විට මිලියනයක් ජනතාව ටෝකියෝ නගරයේ වාසය කළහ. එකල ලොව විශාලම

නගරය ටෝකියෝ නගරය විය.

ටොකුගාවා අවධියේ සමාජය

ටොකුගාවා පාලනය යටතේ ජපන් සමාජය මහත් විපර්යාසයකට බදුන් විය. යුරෝපයේ වැඩවසම් යුගයේ සෙනාපතිවරුන් බඳු නයිට්වරුන්ගේ තත්ත්වය ජපානයේ සමූරායිවරුන්

දැරීය. ටොකුගාවා ෂෝගුනේට්ගේ පාලනය යටතේ සමූරායිවරු නොවැදගත් තත්ත්වයකට පත් වූහ. පහළ මට්ටමක සිටි ඩයිමියෝවරු පාලකයන් බවට පත් වීම සමාජයේ පුළුල්

විපර්යාසයක් කිරීමට හේතු විය.

ටොකුගාවා අවධියේ සමූරායිවරුන්ගේ තත්ත්වය

ටොකුගාවා ෂෝගුනේට්ගේ දැඩි කේන්ද්‍රගත බලය සහිත දේශපාලන අධිකාරියක් සමඟ ආර්ථික වර්ධනය ද බැඳී තිබුණෙන් යුද ශිල්පයේ විශේෂඥයන් වූ සමූරායිවරුන්ගේ තත්ත්වය

පහළ වැටුණි.

ෂෝගුන්වරුන් රටේ පැවති ආරවුල් සංසිඳ වූ බැවින් සමූරායිවරුන්ට පුහුණු වීමට පවා අවස්ථාවක් නොවීය.

මෙම අවධියේ විදේශීය යුද්ධ කිසිවක් ඇතිවූයේ ද නැති බැවින් සමූරායිවරුන්ට ඉදිරියට ඒමට අවස්ථාවක් නොවීය.

මේ තත්ත්වය යටතේ සමූරායිවරු ගෞරවාන්විත පරපුටුවන් කොටසක් බවට පත් විය.

ඔවුන් ටොකුගාවා යටතේ පරිපාලන කටයුතු සඳහා යොදවා ගැනිණි.

ටොකුගාවා අවධියේ ගොවි ජනතාව

ෂෝගුන් පාලනය යටතේ ගොවි පංතිය පීඩාවට පත් වූ බව ඉතිහාසඥයන් විශ්වාස කළ ද පර්යේෂණ තොරතුරු අනුව ගොවි ශ්‍රමය ඉහළ පැලැන්තියට අත්‍යවශ්‍යව තිබුණි. එබැවින්

එපමණ අසාධාරණයක් හෝ පීඩාවක් ඔවුන්ට නොදැනිණි. යුද අවි දැරීම ගොවීන්ට තහනම් වූ බැවින් ඔවුහු යුද සේවයෙන් නිදහස් වූහ. ඉයේෂු පාලකයා වීමෙන් පැවතියේ සාම

කාලයකි.

ටොකුගාවා අවධියේ කෘෂිකර්මය සහ කර්මාන්ත

ටොකුගාවා ෂෝගුන්වරුන් යටතේ කෘෂිකර්මය දියුණු විය.

වගා කළ බිම් ප්‍රමාණය දෙගුණයක් විය.

නව බෝග වර්ග හඳුන්වාදුනි.

යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, පොහොර භාවිතය නිසා ඵලදාව ඉහළ ගියේය.

කෘෂිකර්මය මෙන්ම කර්මාන්ත ග්‍රාමීය මට්ටමෙන් දියුණු විය. සේද, කපු රෙදි, ලුණු, දුම්කොල හා සීනි මේ අතර විය.

ජපානයේ බිහි වූ ප්‍රධාන නගර වන ඊඩෝ (ටෝකියෝ) ඔසාකා, කියොතෝ නගර කේන්ද්‍ර කොට ගෙන සමාජය හා සංස්කෘතිය වෙනසකට භාජනය වූ අතර, මුදල් යහමින් තිබූ නගර

වැසියෝ සංස්කෘතික කටයුතු සඳහා ධනය වැය කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017