විප්ලවකාරීන්
 

බාල් ගංගාධාර් තිලක්

මහාරාෂ්ට්‍රයේ උපන් බාල් ගංගාධාර් නීතීඥයෙකි. 'කේශරී' සහ 'මරාථ'නම් පුවත්පත් ආරම්භ කළේය. ඉන්දියාවේ විශාල විපර්යාසයක් කිරීමට නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය මාධ්‍යක් බව
විශ්වාස කෙළේය. 'ලෝක මාන්‍ය'විරුදයෙන් ද ඔහු හැඳින්විණි.

බිපින් චන්ද්‍රපෝල් (1858-1932)

මොහු ඇසෑමයේ උපත ලද්දෙකි. 1887 දී ඉන්දියානු ජාතික කොන්ග්‍රසයට බැඳී පූර්ණ නිදහස ලබා ගැනීමට තම සංවිධානය සටන් කළ යුතු බව අවධාරණය කළේය.

ලලා ලජ්පත් රායි (1865-1928)

ජන්ජාබයේ උපන් ලලා ලජ්පත් නීතීඥයෙකි. ජාතික කොන්ග්‍රසය බ්‍රිතාන්‍ය රජයට පෙත්සම් ලිවීම නිශ්ඵල ක්‍රියාවක් බව විශ්වාස කළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017