ඉන්දියානු තැපැල් සේවයේ නිලධාරියෙකි. ඉන් ඉවත්ව ජාතික කොංග්‍රසයේ සාමාජිකත්වය ලබාගත්ත ද එයින් ඉවත්ව ප්‍රගතිශීලි පිළ ගොඩනඟා ගත්තේය. බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව
රහසේ සේනා සංවිධාන කළ ද බ්‍රිතාන්‍යයන්ට හසු වී රටින් පලායාමට සිදුවිය. බුරුමයේ හා මලයාවේ සිට සේනා සංවිධාන කර මානිපූර් හා ෂෙෂේවර්පුර් ආක්‍රමණය කොට
ව.සැ.10.000ක පමණ ප්‍රදේශ අල්ලා ගත් ඔහු ගුවන් අනතුරකින් මිය ගියේය.
ඉන්දියාවට නිදහස ලබාදීමට පොරොන්දු වූ කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලයට පත්වීමෙන් පසු 1946 දී කැබිනට් දූත පිරිසක් ඉන්දියාවට එවී ය. දූත පිරිසේ යෝජනා අනුව
පාකිස්තානය පිහිටුවීම ප්‍රතික්ෂේප විය. සම්මත වූ යෝජනා අනුව බ්‍රිතාන්‍යන් හා ඉන්දියාවේ රාජ කුමාරවරුන් සතු ව තිබූ ප්‍රදේශ එකතු කොට එක්සත් ඉන්දියාවක් ඇතිකොට ප්‍රාන්ත
වලට ස්වයංපාලන බලතල දීමට යෝජනා විය.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ තාවකාලික ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට මුස්ලිම් සංගමයට ආරාධනය කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ. මේ තත්ත්වය නිසා රට පුරා
ජාති වාදී කෝලාහල ඇති විය.
ඉන්දියාවේ ව්‍යාකූල තත්ත්වයක් පැවති මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජය මවුන්ට් බැටන් සාමිවරයා ඉන්දියාවට පත් කළේය. ඔහු සිය සැලැස්ම ඉදිරිපත් කළ ද අලි ජින්නාගේ මුරණ්ඩු ක්‍රියා
කලාපය නිසා ඉන්දියාව දෙකඩ වන බව කියාසිටියේ ය. ඒ අනුව ඉන්දියාව දෙකඩ විය. 1947 අගෝස්තු 14 දින පාකිස්තානය උපත ලැබීය. 1947 අගෝස්තු 15 දින
ඉන්දියාවට නිදහස ලැබුණි. 1950 ජනවාරි 26 ඉන්දියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ අතර මේ දක්වා ඉන්දියාව පරමාධිකාරි බලය සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි.
