මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි 1869 ඔක්තෝබර් දෙවන දින ගුජරාට ප්‍රාන්තයේ උපත ලැබීය. බැරිස්ටර්වරයකුට වීමට එංගලන්ත ගිය ගාන්ධි එම සුදුසුකම් ලත් පසු නීතීඥ
වෘත්තීයේ කටයුතු කිරීමට දකුණු අප්‍රිකාවට ගියේය. එහි පැවති බ්‍රිතාන්‍ය රජය ස්වදේශියන්ට සලකන ආකාරය හෙළා දුටුවේය. ඔවුන්ගේ අයිතිය රැකගැනීම උදෙසා 'සත්‍යගෘහ'නමින්
නව ව්‍යාපාරයකට පුරෝගාමී වී 1915 දී යළි මවු රටට පැමණියේ ය.
1. ඉන්දියාවට පැමිණි ගාන්ධි බ්‍රිතාන්‍ය යටත් විජිත වල කම්කරුවන් ලෙස සේවය කිරීමට ඉන්දියානුවන්ගෙන් ලබා ගෙන තිබූ පොරොන්දු පත්‍ර අවලංගු කර ගැනීමට සත්‍යග්‍රහයක්
පවත්වා පොරොන්දු පත්‍ර අහෝසි කර ගත්තේය.
2. ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ සහාය ඇතිව වර්ජන සහයෝගිතා ව්‍යාපාරයක් ආරම්භ කොට (1920-1922) උසාවි, ව්‍යවස්ථාදායක මණ්ඩල, අධ්‍යාපන ආයතන හා
බ්‍රිතාන්‍ය නිෂ්පාදන වර්ජනය කරන ලෙසත්, ඔවුන් ප්‍රදානය කළ තානාන්තර, නම්බු නාම ඉවතලන ලෙසත් ප්‍රභූහු දැනුවත් කළේය.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය භාණ්ඩ පරිහරණය, කුලහීන සංකල්පය ප්‍රතික්‍ෂේප කිරීම, හින්දු-මුස්ලිම් මිත්‍රත්වය ධනාත්මක විය.
සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය මෙතුමාගේ ඊළඟ ක්‍රියාමාර්ගය විය.
පළමුවෙන්ම ලුණු බද්ද නීතිය කඩ කිරීම සඳහා සබරමතී ආශ්‍රමයේ සිට දණ්ඩි වෙරළ දක්වා ගිය පා ගමනේ දී ගාන්ධි ඇතුළු දහස් ගණනක් සිරභාරයට ගැනිණි. මෙය දණ්ඩි පා ගමන
ලෙස හැඳින්වෙයි.
මෙහිදී අර්වින් ප්‍රතිරාජයා සිරභාරයේ සිටි ගාන්ධි ගෙන්වා ඔහු සමඟ සමථයකට එළඹිණි. සිරභාරයේ සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කෙරිණි. විරෝධයට පාත්‍ර වූ පනත් කීපයක්
ඉවත් කර ගැනීමන් පසු ගාන්ධි සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය අත්හිටුවීය.
මේ අතර කාලයේ ඉන්දියාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරිණි. මෙහි පළමු සාකච්ඡාවට කොංග්‍රසය සහභාගි නොවූ නමුත් දෙවැනි සාකච්ඡාවට සහභාගි වූ ගාන්ධි ට වැටහී ගියේ
කිසිවිටෙක ඉන්දියාවට පූර්ණ නිදහස නොලැබෙන බවය.
කුල අනුව ආසන වෙන් කිරීමට යෝජනා වීමෙන් තුන්වන වට මේස සාකච්ඡාව ද අසාර්ථක විය.
අසාර්ථක වූ සාකච්ඡා පදනම් කොට ගනින්මින් 1935 දී ඉන්දියානු පනත සැකසිණි. මෙයින් සන්ධීය රාජ්‍යයක් බිහිකිරීමට පියවර ගෙන තිබුණි. මෙයට ඉන්දියානු ජාතික
කොංග්‍රසයේ කැමැත්තක් නොවීය.
මොහොමඩ් ඉක්බාල් නමැති කවියා ඉදිරිපත් කළ නිජභූමි සංකල්පයට අනුව මුස්ලිම්වරුන්ට වෙනම රාජ්‍යයක් අවැසි බව 1940 ලාගෝර් මුස්ලම් ලීගය සැසියේදී තීරණය විය.
පන්ජාබය, වයඹදිග දේශ සීමා, කාස්මීරය, සින්ඩ් ප්‍රදේශ මෙම නිජබිමට අයත් විය යුතු බව යෝජනා කෙරිණි.
ඉන්දියාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලස්මක් සමඟ සර් ස්ටෑෆර්ඩ් ක්‍රිප්ස් එවන ලදී. මෙම ව්‍යවස්ථාව ගාන්ධි විසින් හඳුන්වනු ලැබුවේ ඉදිරි දිනයක් සඳහන් කළ චෙක්පතක් ලෙසය. ක්‍රිප්ස්
යෝජනා ජාතික කොංග්‍රසය මෙන්ම මුස්ලිම් සංගමය ද ප්‍රතික්‍ෂේප කළහ. මුස්ලිම් සංගමය පාකිස්තානය නමින් වෙනම රටක් ඉල්ලීය. මේ තත්ත්වය යටතේ 'ඉන්දියාවෙන් ඉවත්වනු'
ව්‍යාපාරය ගාන්ධි විසින් අරඹන ලදී. මෙය බ්‍රිතාන්‍යයන් ට විරුද්ධව ගාන්ධිගේ ප්‍රබලතම ව්‍යාපාරය විය.
ශ්‍රීමත් රාජගෝපාලචාරි සැකසූ සැලැස්ම පිළිගන්නා ලෙස ගාන්ධි කළ ඉල්ලීම මොහොමඩ් අලි ජින්නා ප්‍රතික්‍ෂේප කළේය. අලි ජින්නාට අවශ්‍ය වූයේ පාකිස්ථානය බිහි කිරීමයි. ජාතික
කොංග්‍රසය, මුස්ලිම් සංගමය සමඟ එකඟතාවක් ඇති කිරීමට සිම්ලා සම්මේලනය සංවිධානය කළ ද එය අසාර්ථක විය.
