20 වන සියවස මුල් දශකයේ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය
ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ මධ්‍යස්ථ මතධාරින් සහ සටන්කාමි නායකයින් අතර වූ භේද හේතුවෙන් ක්‍රි.ව. 1907 දී දෙකඩ විය. මධ්‍යස්ථ මතධාරින් ඩොමීනියන් තත්ත්වයේ
නිදහස ඉල්ලා සිටි අතර සටන්කාමීන් පූර්ණ නිදහස ලබාගත යුතු බව කීහ. මෙය ඉන්දීය නිදහසට සටනට අහිතකර විය.
බෙදා පාලනය කිරීම බ්‍රිතාන්‍යන්ගේ උපක්‍රමය විය. ජාති, ආගම්, කුල භේද ඇවිස්සීමෙන් තම පාලනය පහසුවන බව ඔහුහූ දැන සිටියහ. හින්දු-මුස්ලිම් භේදය ඇතිකරනු වස්
ක්‍රි.ව.1906 දී බෙංගාලය දෙකඩ කළේය. එය පාලනය කිරීම අපහසු නිසා දෙකට බෙදූ බව කර්සන් සාමි ප්‍රකාශය කළේය.
ජාතික ව්‍යාපාරය ශක්තිමත් වෙද්දී එය දෙකඩ කිරීමට බ්‍රිතාන්‍යයන් වෙර දැරූහ. මුස්ලිම් සුලුතරයක් දිනාගැනීමට ඔවුන් ලවා 1906 දී මුස්ලිම් ලීගය පිහිටු වූහ.
