ජාතික නිදහස
 

ඉන්දියාව නිදහස ලබාගැනීමේ අරමුණෙන් 19 සියවසේ දෙවන භාගයේ සිට විවිධ දේශපාලන සංවිධාන බිහි කළ ද වැදගත් ම සංවිධානය වන්නේ 1876 දී සුරේන්ද්‍ර නාත් බැනර්ජි
ආරම්භ කළ කල්කටාවේ ඉන්දියානු සංවිධානයයි.
සුරේන්ද්‍ර නාත් බැනර්ජි මහතා රට පුරා යමින් ජනතාවට තම සංවිධානයේ අරමුණු පැහැදිලි කළේය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් තුනකි.

1. ඉන්දියානුවන්ට වැඩිපුර පත්වීම් ලබාගත හැකි පරිදි සිවිල් සේවා විභාග ප්‍රතිසංවිධාන කිරීම.
2. අවි ආයුධ පනත සංශෝධනය කිරීම.
3. බ්‍රිතාන්‍ය වැවිලි කරුවන්ගෙන් ගොවීන් ආරක්ෂා කිරීම.

ඔහුගේ මෙම සංචාරයේ දී ජනතා ප්‍රසාදය ඉහළ ඉතාමට්ටමක තිබූ බැවින් සමස්ත ඉන්දියානු ජාතික සමුලුවක් කැඳවීම පැහැදිලි විය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු වන 'ඇලන් ඔක්ටේවියන් හියුම්'ඉන්දියානු ජාතික එකමුතුව'ආරම්භ කොට සමුලුවක් කැඳවීය. බැනර්ජි මහතා මේ
සමුලුවේ දී සංවිධානයේ නම ඉන්දියානු ජාතික'කොන්ග්‍රසය'යනුවෙන් වෙනස් කළේය. විද්වතුන්ගෙන් සමන්විත මෙම කොන්ග්‍රසයේ ප්‍රථම සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.සී. බැනර්ජි
මහතා පත්විය.
ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාව තුළ දේශාභිමානය ඇති කිරීම.
රටේ මහජන මතය සංවිධානය කිරීම.
කිලය,ආගම, ප්‍රදේශය නොසලකා ජාතික හැගීම වර්ධනය කිරීම.
පොදු ජාතික ඉල්ලීම් පාලකයන්ට ඉදිරිපත් කිරීම.
මෙහි අරමුණු කිහිපයකි.
මෙම කොන්ග්‍රසය වාර්ෂිකව තෝරාගත් ප්‍රධාන නගරවල සමුලු සංවිධානය කළේය. එහිදී ඔවුහූ රජය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළහ.

අධ්‍යාපනය සඳහා වැඩි පහසුකම් සැලසීම.
යුධ වියදම් අඩු කිරීම.
ආයුධ ගෙන යාමේ අවසරය.
සිවිල් සේවා විභාග බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ එකවර පැවැත්වීම.
ඉහළ තනතුරු වලට ඉන්දියානුවන් වැඩියෙන් බඳවා ගැනීම.

ඉන්දියානු ජාතික කොන්ග්‍රසය තුළ දැඩිමතදාරි හා මධ්‍යස්ථවාදි දෙපිරිසක් සිටියහ. කොන්ග්‍රසයේ බලය ඔවුන් අත්පත් කරගත් අතර සැලකිය යුතු ජයග්‍රණයක් ද අත් කර ගත්හ.
ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් ඇති කළේ ඔවුන් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017