1911 දී මැන්චු රාජවංශය බලයෙන් ඉවත් වූ පසු චීනයේ සම්ප්‍රදායික ආයතන හා සංස්කෘතිය සීඝ්‍ර පරිවර්තනයකට බඳුන් විය. චීන විප්ලව එක පිට එක ඇතිවීමෙන් වූ සිදුවීම් අවස්ථා
හතරකට ගොනු කළ හැකිය.
1. යුවාං-ෂි-කායිගේ සමූහාණ්ඩු කාලය. (1912-1916)
2. යුද්ධ නායකයන්ගේ පාලනය හා මධ්‍යම රජය දුර්වල වීම.(1916-1922)
3. 1923-1949 දක්වා ජාතිකවාදී විප්ලව.
4. 1930 දශකයේ ප්‍රබලව නැඟී සිටි කොමියුනිස්ට් විප්ලවය.
1.මැන්චු පෙළපත බලයෙන් පහවීමෙන් පසු මධ්‍යම ආණ්ඩුවේ ස්ථාවරත්වය රැකගැනීමට චීන සමූහාණ්ඩුවේ පළමු ජනාධිපති යුවාං-ෂි-කායි දැරූ ප්‍රයත්නය අසාර්ථක විය. නමුත් ඔහු
1916 දී මරණයට පත් වූ පසුවත් චීන සමාජයේ බලවේගයක් විය.
2.යුවාං-ෂි-කායිගෙන් පසුව ඔහුගේ නිලධාරීන්ට පීකිං නගරය අවට ප්‍රදේශයේ සමූහාණ්ඩුව පවත්වා ගැනීමට හැකි වුවත් සෙසු ප්‍රදේශ යුද නායකයන්ගේ පාලනයට නතුවිය. ඔවුන්
අනුකම්පා රහිතව මහජනයා පෙළා අධික බඳු අයකරමින් පාලනය ගෙන ගියහ. එ මඟින් රට තුළ කළහකාරි, ව්‍යාකූල තත්ත්වයක් පැවතියෙන් ජනතාව අන්ත දුගී වූහ.
3.පළමු වන ලෝක සංග්‍රාමයේ දී මිත්‍ර පාක්ෂිකයන් ට එකතු වී ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. මෙමඟින් සාම ගිවිසුමක් ඇති කරගෙන රටේ අභ්‍යන්තර වියවුල් විසඳා ගැනීමට
සමූහාන්ඩුවාදීන් අපෙක්ෂා කළත් සංග්‍රාමයෙන් පසු පැරිස් සාම සම්මේලනයේ දී චීනය ඉදිරිපත් කළ යෝජනා මුළුමනින් ම නොසලකා හැරිණි.
4.චීන විප්ලවයේ තුන්වන අවස්ථාව ආචාර්ය සුන්-යත්-සෙන්ගේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීමයි. ඔහුගේ නායකත්වය යටතේ වූ ක්වොමිංටාන් පක්ෂයේ ඉලක්කය වුණේ
පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය කරා යාමයි. එහෙත් ක්වොමිංටාන් පක්ෂය එතරම් ශක්තිමත් නොවූවා පමණක් නොව එහි දර්ශනය ද ප්‍රායෝගික නොවීය. එසේ වූයේ ඔවුන් අන්තගාමි
ප්‍රාජාතන්ත්‍රවාදි මූලධර්ම වලින් යුක්ත නිසාය. ඒ නිසා හමුදා නායකයන් විසින් විනාශයට පත් කරමින් තිබූ චීනය තුළ ස්ථාවරත්වයක් ගොඩනැගීමට ක්වොමිංටාන් පක්ෂය සමඟ
සුන්-යත්-සෙන්ට අපහසු විය. එසේ වුව ද අවසානයේ රුසියාවේ ආධාර ලැබීම නිසා තත්ත්වය යහපත් විය.
1917 විප්ලවයෙන් පසු රුසියාවේ බොල්ෂෙවික් පක්ෂයට බලය තහවුරු කරගැනීමට මහ බලවතුන්ගේ සහාය අවශ්‍ය වූයෙන් චීනයේ සහයෝගය අපෙක්ෂා කළේය. පීකිං රජයෙන්
සාර්ථක ප්‍රතිඵල නොලැබුණෙන් 1923 දී රුසියානු නියෝජිතයෝ සුන්-යත්-සෙන්ගේ කැන්ටන් රජයට පැමිණි අතර එහිදී කැන්ටන් රජය රුසියානු සහාය ලබාගැනීමට එකඟ විය.
ඒ අනුව චීනයේ ක්ෂණික අවශ්‍යතාවක් වූ ජාතික ඒකාබද්ධතාව සම්බන්ධයෙන් රුසියාවේ යුද්ධමය හා දේශපාලන උපදෙස් ලබාගැනිණි.
සෝවියට් උපදේශකවරු සුන්-යත්-සෙන්ට හා ඔහුගේ අනුගාමිකයන්ට මනා නායකත්වයක් ලබා දුන්හ. එබැවින් මොස්කව්-කැන්ටන් සංහිදියාව පැවති 1923-27 කාලයේ චීන
ජාතිකවාදී ව්‍යාපාරයට විනය ගරුක නායකත්වයක් ද පැහැදිලි අරමුණු ද ලැබුණි. සෑහෙන පමණ ජන පදනමක් ද ගොඩ නැගිණි.
මයිකල් බොරෝඩින් නම් සෝවියට් උපදේශකවරයා ක්වෝමිංටාන් පක්ෂය, සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ආකාරයට ගොඩනැඟිය යුතු බව පැවැසුවේය. එහි ප්‍රචාරක කටයුතු
මෙසේ විය යුතු බව අවධාරණය කළේය.
1. හමුදා නායකයන්ගේ පාලනය ඉවත් කිරීම.
2. ප්‍රජාතන්ත්‍රවාදී අවංක දේශපාලඥයන් පත් කර ගැනීම.
3. අවි පරිහරණය අත්හිටුවීම.
මෙම අරමුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර්, චිත්‍ර හා උද්ඝෝෂණ ව්‍යාපාර යොදා ගැනිණි.
1925 වන විට සුන්-යත්-සෙන් යටතේ කැන්ටනය ප්‍රබල රජයක් විය. බදු අයකිරීම, වාණිජ ව්‍යාපාර, අළුත් ආකාරයේ හමුදාවක් ස්ථාපිත කිරීම හා ඔවුන් පුහුණු කිරීම, බටහිර
උපදේශකයන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. මෙහි ලෝකයට පෙන්නුවත් සෙසු බලවතුන් කැන්ටන් රජය නීත්‍යානුකූල රජයක් ලෙස නොපිළිගත් ගත්හ. සෝවියට් දේශය ද චීනයේ
නීත්‍යානුකූල රජය ලෙස පිළිගෙන කටයුතු කළේ පීකිං රජය සමඟය. එසේ වුවත් පීකිං රජය පෙරළා දැමීමට සුන්-යත්-සෙන්ට ආධාර සැපයීය. ප්‍රතිඵලය දැකීමට සුන්-යත්-සෙන් ජීවත්
නොවූ නමුත් ඔහුගේ දර්ශනය පක්ෂයේ උරුමයක් ලෙස ඉතිරි විය. ඔහුගේ ධර්මය 'සන්-මින්-චු' නමින් ක්වෝමිංටාන් පක්ෂයේ අත්පොත බවට පත් විය.
එම දර්ශනයේ ප්‍රධාන අංග කපයකි.
1.ජාතිකවාදය ප්‍රජාතන්ත්‍රවාදය හා ජීවනවෘත්තිය යි. ජාතික වාදය නමින් අදහස් කළේ විදේශීය බලවේගවලින් චීනය නිදහස් කරගැනීමයි. ඒ අනුව ජනතාව රජයට භක්තිමත් විය යුතු
ය.
2.ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කළේ ජනතා පරමාධිපත්‍ය හා නියෝජිත ආණ්ඩුක්‍රම පවත්වාගෙන යාමයි.
3. භෞතික සංවර්ධනය සහ සමාජීය ප්‍රතිසංස්කරණය ජීවන වෘත්තිය යනුවෙන් අදහස් කළේය. මාක්ස්වාදය ප්‍රතික්ෂේප කළ සුන්-යත්-සෙන් මේ අංගයේ දී කිසියම් ප්‍රායෝගික
වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත් විය.
ඔහුට අනුව විප්ලවයේ අවස්ථා තුනකි.
1.යුදමය අවස්ථාව : රටේ නීතිය ස්ථාපිත කිරීම සඳහා බලය පාවිච්චි කිරීම.
2. භාරකාර අවස්ථාව: ජනතාව පුහුණු කිරීම, විප්ලව නායකයන්ට ගෞරවාචාර දැක්වීම.
3.ව්‍යවස්ථාව සකස් කිරීමේ අවස්ථාව: නියෝජනය පදනම් කොය ගත් ව්‍යවස්ථාවක් සකස් කිරීම.
නායකයෙකු, චින්තකයෙකු ලෙස සුන්-යත්-සෙන් තුළ අඩුපාඩු තිබුණ ද 'විප්ලවයේ පියා' ලෙස ඔහු හඳුන්වයි. 1924 දී ඔහු මරණයට පත්විය.
