ජපානය
 

20 වන සියවසේ බලවත් රාජ්‍යයක් ලෙස පැවති ජපානයේ නැඟීම ආරම්භ වූයේ 17 වැනි සියවසේ ටොකුගාවාවරුන්ගේ පාලන සමයේ දී ය.

ටොකුගාවා ෂෝගුනේට්වරුන් යටතේ ජපානය

ජපානයේ වැඩවසම් අවධිය 16 සියවස ආරම්භයත් සමඟ අවසන් විය. සියවසක් පුරා පැවති වැඩවසම් යුද්ධ මාලාව ජය ගත්තේ එක් පරම්පරා කාලයක බිහි වූ වීරයන් තිදෙනෙකු

නිසාය.

නොබුනගා

මොහු කියතෝ ප්‍රදේශයේ පාලකයා ඵලවා හැර බෞද්ධ පන්සල් විනාශ කොට භික්ෂූන් හා ස්ත්‍රීන්, ළමුන් දහස් ගණන් මරා දැමුවේය. ඔහු 1583 දී යුද පිටියේදී ම මියගිය නමුත්

ජපානය එක්සත් කිරීමටත්, සාමය හා ස්ථාරත්වය ගොඩ නැඟීමටත් පදනම දැමීය.

හිදෙයොෂි
මොහු ජපාන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වශයෙන් සැලකේ. ජපාන යුද හමුදාවේ පහළම සිට එහි පාලකයා දක්වා උසස් වූ එකම පුද්ගලයා හිදෙයොෂි ය.

ටොකුගාවා ඉයාෂු

කලක් ප්‍රවේණි දාසයකු වූ මොහු කැරලි කරුවන් මර්දනය කර 1603 දී ජපානයේ පාලකයා බවට පත් විය. නොබුනගා හා හිදෙයොෂි දෙදෙනා ඉටු කළ කාර්යභාරයේ ඵල නෙලා

ගත් ටොකුගාවා පැවති වැඩවසම් ආයතන ක්‍රමවත් කොට තම පාලන කේන්ද්‍රස්ථානය සඳහා ඊඩෝ නගරය (ටෝකියෝ) තෝරාගත්තේය.
එහි ආරක්ෂාවට දිය අගලින් වට කළ දැවැන්ත බලකොටුවක් ඉදි කොට මධ්‍යම රජයේ ආරක්ෂාවට රට පුරා ම විසිරී ගිය රහස් පොලිස් සේවාවක් ආරම්භ කළේය. සියවස් 2 1/2 ක්

පමණ පැවැතුණු ශක්තිමත් දේශපාලන රාමුවක් සකස් කළේ ටොකුගාවා ප්‍රධාන ෂෝගුන්වරුන් ය.
ටොකුගාවා ෂෝගුන්වරුන් යටතේ පාලනය

ඉයාෂු යටතේ ආරම්භ වූ ටොකුගාවා පරම්පරාව ජපානයේ පාලන කටයුතු විධිමත් කළේය. ඔවුන් යටතේ ද්විත්ව පදනම මත ජපාන ආණ්ඩුව ක්‍රියාත්මක විය. එනම් රාජකීය පවුල හා

කියොතෝ ප්‍රභූන්ගේ සභාව මගිනි.

ටොකුගාවා පාලනයේ මුල් අවධියේ පෘතුගීසින් හා ස්පාඤ්ඤවරු, අනතුරුව ලන්දේසිහු හා බ්‍රිතාන්‍යයෝ ද ජපානය සමඟ වෙළඳාම් කළහ. ජපනුන් යුරෝපීයන් හරසරින් පිළිගත්තේ

ඔවුන්ගෙන් ලබාගත හැකි දේ බොහොමයක් තිබුණු බැවිණි.
ටොකුගාවා යටතේ මිෂනාරි ව්‍යාප්තිය

යුරෝපීය වෙළෙන්දන් පසුපස පැමිණි මිෂනාරිවරුන් කෙරේ ජපනුන් කැමැත්තක් නොදැක්වූහ. පෘතුගීසි ජෙසුයිට්වරුන් හා ස්පාඤ්ඤ ප්‍රැන්සිස්කන්වරුන්ගේ දැඩි කැපවීමෙන්

ජපානයේ සෑම පංතියකටම අයත් ජනතාව කතෝලික ආගම වැළඳ ගත්හ. මෙම ආගන්තුක ආගමෙන් තම සංස්කෘතියට හානි පැමිණේ යැයි ද රට දෙකඩ වේ යැයි ද කල්පනා කළ

ෂෝගුන්වරු ක්‍රිස්තියානි ධර්මය තහනම් කළ යුතු බව සිතූ අතර, ක්‍රිස්තියානි ධර්මය වැළඳගත් ජපන් ජනතාවට අවවාද කළහ. මෙයට මිෂනාරිවරු විරුද්ධ වූ අතර ආගම ව්‍යාප්ත කිරීම

දිගටම කළහ. මීට එරෙහි ජපන් පාලකයෝ මිෂනාරින් බොහෝ ගණනක් මරා දැමූහ. මේ අතර ක්‍රිස්තු ලබ්ධිකයෝ රජයට එරෙහි කැරලි ගැසූහ. ෂෝගුන්වරු කැරැලිකරුවන්

සමූලඝාතනය කොට ක්‍රිස්තු ධර්මය මුළුමනින් ම ජපානයෙන් අතුගා දැමූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017