ඉන්දියාව
 

පෘතුගීසි ජාතික නාවිකයකු වූ වස්කෝද ගාමා 1498 දී ඉන්දියාවේ කැලිකට් නගරයට පැමිණියේය. පසුව වෙළඳාම පිණිස පැමිණි යුරෝපීයන් ඉන්දියාවේ දේශපාලනයට ද මැදිහත්

වූහ. පෘතුගීසි, ලංදේසි, ප්‍රංශ ජාතින් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල බලය ව්‍යාප්ත කළහ. ක්‍රි.ව. 1848 පමණ වනවිට ඉන්දියාවේ විශාල ප්‍රදේශයක බලය බ්‍රිතාන්‍යයන් නතු කරගත්හ.
අනතුරුව මුලු ඉන්දියාවම යටත් කරගත් බ්‍රිතාන්‍යයන් වෙළඳ සමාගම් පිහිටුවීය. එහි පාලනයට විරුද්ධ වූ ඉන්දියානුවෝ වරින්වර ඇති කළ කැරළි මර්දනය කළ අතර 1857 දී ඇති

වූ 'සිපෝයි'හමුදා කැරැල්ල බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සිදුකළ බිහිසුණු ම කැරැල්ල විය.

දේශපාලන, ආර්ථික, ආගමික හා සමාජයීය කරුණු ගණනාවක් ඊට පාදක වුව ද ආසන්නම හේතුව වූයේ හමුදා භටයන්ගේ භාවිතයට ලබාදුන් ඌරු තෙල් හා ගව තෙල් තැවරූ

පතරොම් ය. ඒවායේ දවටන කටින් ඉවත් කළ යුතු විය.
හින්දුන්ට හා මුස්ලිම්වරුන්ට ආගමික වශයෙන් මෙය තහනම් බැවින් මොවුන් එම පතරොම් භාවිතය ප්‍රතික්ෂේප කළ ද ඒවා පාවිච්චියට බල කිරීම හේතුවෙන් සොල්දාදුවෝ කැරළි

ගැසූහ.
බ්‍රිතාන්‍යයන් මෙම කැරැල්ල ඉතා බිහිසුණු ලෙස මර්දනය කළ අතර ඊට මාස 15 පමණ කාලයක් ගත විය.

සැලැස්මක් නොමැතිකම.
සාමාන්‍ය ජනතාවගේ සහාය නොලැබීම.
මනා නායකත්වයක් නොතිබීම.
ධනය හා සේනාව හිමි ප්‍රභූවරුන් සහාය නොදීම.
පොදු අරමුණක නොසිටීම. හා බ්‍රිතාන්‍යයන්ගේ උපක්‍රමශීලි ක්‍රියාමාර්ග. මෙම කැරැල්ල අසාර්ථක වීමට හේතු විය.

එසේ වුව ද, මෙහි වැදගත්ම ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සමාගමේ පාලනය අවසන් කොට ඉන්දියාව බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතට ගැනීමය. 1858 අගෝස්තු 02 දා සම්මත කොට

ගත් ඉන්දියානු ආණ්ඩු පනත මඟින් මෙය සිදු කෙරිණි.
බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් උපහාසයෙන් හඳුන්වන 'සිපොයි'කැරැල්ල ඉන්දියාව සලකන්නේ නිදහස පතා ගෙන ගිය අරගලයේ සන්ධිස්ථානයක් ලෙසිනි. 1857 සිපොයි කැරැල්ල

අසාර්ථක වීමෙන් ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමින් පාලකයින් සමඟ සාකච්ඡා කිරීම හා තර්ක කිරීම මඟින් තම ජනතාවගේ අවශ්‍යතා වටහා දී සිය අභිමතාර්ථයන් ඉටු කරගැනීම

සඳහා සංවිධාන පිහිටුවීම යෝග්‍ය බව සිතූහ. ඒ අනුව ක්‍රමානුකූලව සංවිධානය වූ ජාතික ව්‍යාපාරයක් නැඟී ඒම ආරම්භ විය.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්ති ද ඉන්දියානුවන් තුළ ජාතිකානුරාගය වැඩීමට පාදක විය.

කෘෂිකර්මය
අධික ඉඩම් බදු පැනවීමෙන් දේශීය කෘෂිකර්මය නොවටිනා තත්ත්වයකට පත් විය. මෙයින් පීඩනයට පත් ගොවීන් ඉඩම් අත්හැර දමන තත්ත්වයකට පත්වූහ. ගොවිතැන්

නොකොළොත් බඩගින්නේ මිය යාමට සිදුවෙයි. ගොවිතැන් කළොත් මුලු අස්වැන්න බදු වශයෙන් ගෙවිය යුතු වේ. මෙවැනි අසරණ තත්ත්වයකට පත් වූ ඔවුන්ගේ ස්වයංපෝෂිත

ග්‍රාමීය ආර්ථික ක්‍රමය බිඳ වැටිණි.

කර්මාන්ත
ඉන්දීය සම්පත් තම රටට ගෙන ගිය බ්‍රිතාන්‍යයෝ තේ සහ කෝපි වගාවට ඉංග්‍රීසි උගත් දේශීය ධනපති පංතිය උනන්දු කළහ. ශ්‍රමය නිර්දය ලෙස සූරාකමින් අඩු වැටුපකට කම්කරුවන්

ලෙස ඉන්දියානුවන් යොදාගත්හ.

සාගත
වරින්වර ඇති වූ සාගත නිසා ඉන්දියානුවන් ලක්ෂ ගණනින් මියගියහ. කලුකඩ වෙළෙන්ඳෝ ඉතා අධික මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කළහ. මිල දී ගැනීමට නොහැකි අය හාමතේ මිය

ගියහ. මේ ගැන බ්‍රිතාන්‍යයෝ සැලකිල්ලක් නොදැක්වූහ. වරෙක බෙංගාලේ ඇති වූ සාගතයකින් ලක්ෂ 35 කට වැඩි පිරිසක් මියගිය බව කියැවේ.

බටහිර අධ්‍යාපන ක්‍රමය
බ්‍රිතාන්‍යයන් බටහිර අධ්‍යාපන ක්‍රමය ව්‍යාප්ත කළේ ඔවුන්ගේ පරිපාලන, දේශපාලන හා සංස්කෘතික අවශ්‍යතා ඉටුකර ගැනීමට ය. එහෙත් ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා බටහිර රටවල

ජාතිකානුරාගි ව්‍යාපාර පිළිබඳ දැනුමක් ඉන්දියානුවන් ලබාගත්හ. ප්‍රංශ විප්ලවයේ සටන් පාඨය වන නිදහස, සමානාත්මතාව හාසහෝදරත්වය ඉන්දියානුවන්ගේ සිත් ගත්හ.රූසෝ,

තෝමස් පේන් වැනි ලිබරල්වාදී අදහස් ඉන්දියානු සමාජය ප්‍රබෝධමත් කෙළේය.

එපමණක් නොව විවිධ භාෂා කතාකරන ඉන්දියානුවන් අතර සමීප සබදතා ඇති කිරීමට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් විය.

ක්‍රි.ව. 1649 දී ඉංග්‍රීිසින්, ක්‍රෑර ආඥාදායක රජකු වූ පළමු වන චාල්ස් රජුගේ හිස ගසා දැමිණ. දෙවන ජේම්ස් රජු එම තනතුරට යෝග්‍ය නොවූ බැවින් ඔහු 1688 දී ඔහු නෙරපා

දැමිණ. ඉංග්‍රීසින්ට එවැනි අයිතියක් ඇත්නම් තමන්ට ද එම අයිතිය ඇතැයි ඉන්දියානුවෝ සිතූහ.

බ්‍රිතාන්‍යයන් කේන්ද්‍ර ගත කළ ඒකාබද්ධ පාලනය මඟින් ඉන්දියානුවෝ එකම ජාතියක් සේ සිතීමට බලපෑය. බ්‍රිතාන්‍යයන් භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා යොදාගත් යටිතල පහසුකම්

ඔස්සේ ඉන්දියානුවන් ඔවුන්ගේ ජාතිකානුරාගි අදහස් පැතිර යාම ඉතා වේගයෙන් සිදුවිය.

බ්‍රිතාන්‍ය පාලකයෝ ඉන්දීයානුවන් කිසිම සංස්කෘතියක් නැති ජාතියක් ලෙස හඳුන්වා තිබුණත් ශ්‍රීමත් ජෝන් මාර්ෂල්, මැක්ස්මුලර්, විලියම් ජෝන්ස් වැනි විද්වතුන් හරප්පා සභ්‍යත්වයේ

සිට ඉන්දියාවේ අතීතය නිරාවරණය කිරීම තුළ තම අතීතය ගැන ඉන්දීය සමාජය ප්‍රබෝධයට පත්වූහ.

(c) Shilpa Sayura Foundation 2006-2017