1919 ලංකා ජාතික සංගමය

 Link 

 

සියලු සංවිධාන, ව්‍යාපාර අධිරාජ්‍ය විරෝධිව එක්ව කටයුතු කිරීමෙන් නායකයන් අතර එකමුතුකම වර්ධනය විය. බ්‍රිතාන්‍යයන්ගෙ අයුතුකම් වලින් මිදීමට සියලු ජනකොටස් වලින් සමන්විත ජාතික සංවිධානයක් ලෙස 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුවීය. මේ දක්වා ලංකා මධ්‍යම පංතික නායකයන් ගෙන ආ දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරයේ වැදගත් ම ප්‍රතිඵලය මෙය වේ. මෙහි ප්‍රථම සභාපතිවරයා ලෙස පොන්නම්බලම් අරුණාවලම් මහතා පත්විය.

මින්පසු ශ්‍රී ලාංකිකයන්ට පොදු වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලීම් ජාතික සංගමය මඟින් සිදු කෙරිණි. නිත්‍යානුකූලව හා සාමකාමිව අයිතිවාසිකම් දිනාගැනීම එම සංගමයේ අරමුණ විය. 1920,1924,1931 වර්ෂයන්හි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් ලබා ලංකා ජාතික සංවිධානය ජාතික සංවිධානය සමත් වූහ.

එසේ වුවද බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණ ඉටු නොවූ හෙයින් දිගින් දිගටම උද්ඝෝෂණ කළ බව දක්නට ලැබේ.

සියලු ජාතිකයන්ගේ එකමුතුවක් ලෙස ජාතික සංගමය ආරම්භ වූව ද ව්‍යවස්ථාදායකය තුළ ආසන බෙදා ගැනීමකදී සිංහල,දෙමළ නායකයන් අතර මත භේද මතුවිය. මෙයින් දෙමළ නායකයන් තුළ සිංහල නායකයන් කෙරෙහි අවිශ්වාසය ගොඩ නැඟිනි. මේ හේතුවෙන් ජාතික සංගමයේ බලය දුර්වල වූ අතර, 1921 දී පමණ පොන්නම්බලම් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ නායකයෝ බහුතරය ලංකා ජාතික සංගමයෙන් ඉවත් වූහ.

1928 වන විට සුලු ජාතීන්, උඩරැටියන් මෙන්ම කම්කරු සංගමය ද ජාතික සංගමයෙන් ඉවත්ව සිටි අතර ඉතිරිව සිටියේ පහතරට වැවිලිකරුවන්ගෙන් හෙබි නායකයන් පිරිසක් පමණී.

(c) Shilpa Sayura Foundation 2006-2017