20 වන සියවස ආරම්භයත් සමඟ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතියට ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂය ලැබිණි. එසේම විදේශීය අධ්‍යාපනය ලබා පැමිණියන් තුළ ලිබරල්වාදී අදහස් පිළිබඳ අවබෝධයක් ද විය. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරයේ වර්ධනයට බලපෑවේය.
ස්වදේශිකයන්ට තමන් ලද අධ්‍යාපනයට සාපේක්‍ෂව දේශපාලන,ආර්ථික සමාජ ක්‍ෂේත්‍ර තුළට පිවිසීමට අවස්ථාවක් නොතිබිණි. එබැවින් දේශපාලන ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහභාගි වීමට ඔවුන්ට හැකියාවක් නොවීය. එහෙයින් දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඔවුහු ජාතික ව්‍යාපාරයට එක් වන්නට වූ නමුත්, යටත් විජිතයෙන් මිදී රටවැසි සියලු දෙනාට නිදහස ලබාදීම ඔවුන්ගේ අපේක්‍ෂාව නොවීය.
හුදෙක් ඔවුන්ට අවශ්‍ය වූයේ අධිරාජ්‍යයින් ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රමය තුළ ප්‍රතිසංස්කරණ ලබා එතුළින් රටේ පාලන කටයුතු වලට සම්බන්ධ වීමටය. ඒ අනුව ඔවුහු ව්‍යවස්ථාදායක මණ්ඩලය පුලුල් කොට වැඩි නියෝජිත සංඛ්‍යාවක් අැතුලත් කරගැනීම සඳහා වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් උදෙසා උද්ඝෝෂණ ගෙන ගියහ.
1870 ගණන්වල ආරම්භ කළ පහතරට වැවිලි කරුවන්ගේ සංගමය එහි නායකත්වය දැරීය. එසේම මේ කාලයේ ආරම්භ වූ යාපනය සංගමය, හලාවත සංගමය වැනි සංවිධාන ලංකා ජාතික සංවිධානය සමඟ එක් වී උද්ඝෝෂණ ගෙන ගිය අතර, ශ්‍රී ලාංකීය නායකයෝ පෙත්සම් මඟින් ද සිය ඉල්ලීම් ඉදිරිපත් කළහ.
එච්.ජේ.සී. පෙරෙයියා ජේම්ස් පීරිස් වැනි අය සීමිත ඡන්ද බලය ලබාගැනීම අැතුලු ඉල්ලීම් කිහිපයක් ම එමඟින් ඉදිරිපත් කළහ.
1910-1920 අතර අවධිය ජාතික ව්‍යාපාරය වඩා සංවිධානාත්මක තත්ත්වයට පත්විය. බ්‍රිතාන්‍යයන් 1910 දී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා දුන් නමුත් දේශීය නායකයෝ එයින් සෑහීමකට පත් නොවූහ. ඒ අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට සංවිධානාත්මකව කටයුතු කිරීමට යොමුවිය. දේශපාලනික වශයෙන් මේ කාලය ඉතා වැදගත් කොට සැලකේ.
1915 සිංහල-මුස්ලිම් කෝලාහලය. 1919 පිහිටුවාගත් ලංකා ජාතික සංවිධානය, මේ අවධියේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා ගැනීමේ ව්‍යාපාරය මුවහත් කිරීමට ප්‍රධාන සාධක විය.