මිනිසා ඇතුළු අනෙකුත් සියලු ජීවීන්ගේ ම ඇතැම් රෝග හා සම්බන්ධ ජාන ඇත. එබැවින් එම ජාන වලට රෝග පරම්පරවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. හදවත් රෝග, සමහර පිළිකා, දියවැදියාව හා හිමෝෆිලියාව මිනිසුන් අතර සුලබව දක්නට ලැබේන ආවේණික රෝග කිහිපයකි. දෑකැති රක්තානු රක්තහීනතාවය ද රුධිර ගණ ද මිනිසුන් අතර ආවේණික වේ.
ෆීනයිල් තයෝයුරියා නැමැති රසායනික ද්‍රව්‍යයෙහි රස හදුනා ගැනීමේ හැකියාව නැති මිනිසුන් ජනගහනයක සිටිති. එය මිනිස් ජාතිය අනුව වෙනස් වේ. ඉංග්‍රීසි ජතිකයින්ගෙන් 30% කටත් චීන ජාතිකයින්ගෙන් 10% කටත් නීග්‍රෝ ජාතිකයින්ගෙන් 5% කටත් පමණක් රස නොදැනෙන බව සොයාගෙන ඇත. අන් ජාතිකයන්ට වඩා සුදු හම අති යුරෝපීය ජාතිකයන් අතර වර්ණ අන්ධතාවය සුලබ ව දක්නට ලැබේ. ඉන්දියානු හා චීන ජාතික පිරිමින් අතර වර්ණ අන්ධතාව 5%කි. එස්කිමෝ ජාතිකයන් අතර එය 1%කි. |