ඩී.සී. සේනානායක
එෆ්.ආර්. සේනානායක
ඩී.එස්. සේනානායක
අනගාරික ධර්මපාල
එඩ්මන් හේවාවිතාරන
ඩී.බී. ජයතිලක
ඩබ්ලිව්.ඒ.ද. සිල්වා
පියදාස සිරිසේන
අතර් වී. දියෙස්, මෙහි නායකත්වය දරුවෝ වෙති. 1911 න් පසු ඉංග්‍රීසි ආණ්ඩුව ආදායම් වැඩිකර ගැනීමට සුරාසල් වැඩි වැඩියෙන් විවෘත කළේය. 1912 නව සුරාබදු පනතක් ද නීති ගත කෙරිණ. මෙය සමාජ උවදුරක් බව දුටු ඉහත නායකයින් එක්ව පිහිටුවාගත් සංවිධාන ව්‍යාපාරය අමද්‍යප ව්‍යාපාරය ලෙස හැදින්වේ.
19 වැනි සියවසේ අගභාගයේ සිට ක්‍රියාත්මක වූ ආගමික හා සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරයට ම සම්බන්ධ වූ අමද්‍යප ව්‍යාපාරය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව දේශීය ජනතාව ගතයුතු නිවැරදි මාර්ගය පෙන්වා දෙන ලදී.
බ්‍රිතාන්‍ය පාලකයන් පලවා හැර නිදහස හා ස්වෛරී අනන්‍යාවත්, දේශීය ආගම්, සාරධර්මවලින් පරිපූර්ණ සමාජ සංස්කෘතික රටාවත් යළි ගොඩනගා ගත යුතු බවත්, එය කළ යුතු ආකාරයත් ස්වභාෂා උගතුන් මෙමඟින් අවධාරණය කළහ.
