ඉස්ලාම් පුනර්ජීවනය

 Link 

  ශ්‍රී ලංකාවේ සිංහල-හින්දු ප්‍රබෝධයට සමගාමිව මුස්ලිම් සංස්කෘතියෙහි ප්‍රබෝධයක් අැතිවිය.

1. සී. සිද්ධි ලෙබ්බේ

i. මරදානේ සහීරා විද්‍යාලය ආරම්භ කිරීම.
ii. මහනුවර මුස්ලිම් බාලිකා පාසලක් පිහිටුවීම.
iii. 'මද්රාසා'නම් මුස්ලිම් ආගමික පාසල් ප්‍රතිසංස්කරණය කොට අරාබි භාෂාව ඉගෙනීමට ජනතාව උනන්දු කරවීම. ආදී කාර්යයන් මෙතුමාගේ නායකත්වය තුළ කැපී පෙනෙයි. මුස්ලිම් ජනතාව තුළ අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් නොතිබූ යුගයක කොළඹ මුස්ලිම් අධ්‍යාපන සංගමය පිහිටුවීමේ දී ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළ සී. සිද්ධි ලෙබ්බේ මහතාගෙන් මෙරට ජාතික ව්‍යාපරයට ලැබුණු අනුග්‍රහය ද ඉතා වදගත් වේ.

2. ටී.බී. ජයා

මුස්ලිම් අධ්‍යාපන සහ සංස්කෘතික නවෝදයට දායක වූ ප්‍රධානියෙකි.

1. 1914 දී ආරම්භ කළ සිලෝන් මුස්ලිම් රිවීව් සඟරාව මගින් අධ්‍යාපනයේ වැදගත්කම මුස්ලිම් ජනතාවට පැහැදිලි කිරීම.
2. පිරිහෙමින් තිබූ සහීරා විද්‍යාලය නැවත නඟා සිටුවීම.
3. 1936-1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නම් කළ මන්ත්‍රීවරයකු වශයෙන් ද, 1947 ප්‍රථම පාර්ලිමේන්තුවේ කම්කරු හා සමාජසේවා අැමති වශයෙන් ද ඔහු මුස්ලිම් ජනතාවගේ අභිවෘද්ධියට කටයුතු සැලසීය.
(c) Shilpa Sayura Foundation 2006-2017